2015-02-24

ජාතියට අනතුරක් - රජයේ අවධානය පිණිසයි

කිසිවකුගේ ප්‍රමාණාත්මක අවධානයකට යොමු නොවුනු බරපතල කාරණයක් ගැන හදිසියේ මෙසේ ලියන්නට තීරණය කළෙමි. ඒ අන් කිසිවක් නොව, සමස්ත ජාතියම අවසානය කරා යොමු කරවන, අවම වශයෙන් රෝගී ජනතාවක් බවට පත් කරන උග්‍ර විෂ රසායනිකයක් වායු ගෝලයට එක් වීම ගැනයි.

මේ සම්බන්ධයෙන් අපගේ අතිශය මානව හිතවාදී උගත් නැණවත් චම්පික රණවක මැතිතුමා පාරිසරික ඇමති වශයෙන් කටයුතු කරන කාලයේදීවත් අවශ්‍ය පමණින් අවධානයට ලක් වූයේ නැති බව කණගාටුවෙන් දන්වමි. ඒතුමාට දොස් කීවත් මේතුමාටත් ඒ කාලයේ මේක මතක් වුනේ නැත. කොහෙත්ම සමාව දීමට නොහැකි මේ වරද නිවැරදි කිරීමට දවස් කීපයක් තිස්සේ හිතාගෙන සිටියත් අමතක වී ගිය අතර මේ දැන් එය මතක් වුනේ හදිසියේය. ඒ නිසා එසැණින් ලියාදමන්නට තීරණය කළෙමි. (බ්ලොග් සඟරාවේ ෂෙඩියුල් කළ ලිපිය හෙට උදේ හයට පළ වනු ඇත.)

අපගේ වායු ගෝලයට එක්තරා විෂ වායුවක් දිනපතා එකතු වේ.
මේ විෂ වායුව දරුණු පිළිකා කාරකයකි.
සුපර් මාකට් වල විකුණන්නට තිබෙන ජංගි වල හම්බයෝ ගානවායැයි කියන වස වලින් සිදු වනවායැයි කියන්නේ ගබ්සා වීමයි.
ඒත් මේ කියන වායුව නිසා උපන් නූපන් සියළු දෙනාත් තිරිසන් සතුන් ඇතුළු සකළ ජීවින් සියල්ලත් අතිශය වේදනාත්මක වූ මරණයක දොරටුව කරා යොමු කරනු ලැබේ.

මේ විෂ වායුවේ නම ඩයොක්සින් ය. මෙතෙක් සොයාගත් දරුණුම කෘතිම පිළිකාකාරකය ඩයොක්සින් ය.

Dioxin is a known human carcinogen and the most potent synthetic carcinogen ever tested in laboratory animals. A characterization by the National Institute of Standards and Technology of cancer causing potential evaluated dioxin as over 10,000 times more potent than the next highest chemical (diethanol amine), half a million times more than arsenic and a million or more times greater than all others.

මේ උග්‍ර පිළිකාකාරක වායුව පරිසරයට එක් වන්නේ කෙසේද?

ඔබේ අසල්වැසිියා විසින් කරන ක්‍රියාවක් නිසා ය. ඔබ ඔවැනි නරක වැඩ නොකරන බව මම දනිමි.

ඔබේ අසල්වැසියා ප්ලාස්ටික භාජන, පොලිතීන්, ෂොපිං බෑග්, හිස් වතුර බෝතල් පුළුස්සා දමනවා නේද? මෙසේ පුළුස්සන විටදී ඩයොක්සීන් පරිසරයට නිදහස් වේ.

එය වළක්වාගැනීමට හැකි වන්නේ උසස් ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කරන ලද ඉන්සිනිරේටරයක් භාවිතා කර ප්ලාස්ටික වර්ග පිළිස්සීමෙන් පමණකි. එසේ කළ නොහැකි නම් කරුණාකර ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණ ආයතනයකට භාර දෙන්න. නැතිනම් පරිසරයට හානියක් නොවන ආකාරයට වෙන ඕනැම දෙයක් කරන්න. ගොඩනැගිලි අත්තිවාරම් පිරවීමට, මල් වාස් සෑදීමට, පාරවල් පිරවීමට ආදී විවිධ වැඩ මේවායින් ගත හැකිය.

අවසාන වශයෙන් යහ පාලන ආණ්ඩුවට මෙසේ කියන්නට සිදු වේ.

ප්ලාස්ටික් වර්ග පිළිස්සීම තහනම් කරනු. මෙම තහනම වහාම නීතිගත කරනු.


7 comments:

  1. කතාව නම් ඇත්ත. ඒත් මෙතෙක් බලයට පත් සියලු ආණ්ඩු කල්පනා කළේ බලය රැකගැනීමේ ක්‍රම විනා පරිසරය රැකගැනීමේ ක්‍රම ගැන නම් නොවේ.

    ReplyDelete
    Replies
    1. දැන් නම් එහෙම කියල හරි යන්නෙ නෑ. මේක සෙල්ලමක් නෙවෙයි.

      Delete
  2. නීති සම්පාදනය වගේම අපිත් පරිසරය ගැන මීට වඩා හිතන් ඕනි.. දවස පුරාම සල්ලි මත්තෙ නැහෙනව මිසක් පරිසරය වටපිටාව ගැන ගානක් නෑනෙ...
    අදමයි ආවේ... නැවත හමුවෙමු.

    ReplyDelete
  3. ප්ලාස්ටික් නිශ්පාධන නමි කවදාවත් ලෝකයෙන් අයින් කරන්න බැ

    ReplyDelete
  4. හෙනහුරෝ උඹේ බ්ලොගේ මට මිස් වෙලානේ.. ඔන්න මේ දැම්ම රෝලේ එල්ල ගන්නවා.. තැන්කූ වේවා පාර පෙන්නුවට..
    මෙච්චර සවිස්තරව නොවුනට මාත් මේක ගැන දැනන් උන්නා.. ඒකමයි කොච්චරවත් කියන්නේ පුච්චන්න එපා කියලා.. ඒත් මං එහෙ මෙහෙ වෙනකම් ඉඳල ගෙදර උන් පුච්චලා දානවා.. අනික මං ගෙදර ඉන්න එකක්යැ ඕවා කොන්ට්‍රෝල් කරන්න.. බලමු මේ ලිපියවත් පෙන්නලා..

    ReplyDelete
  5. හෙනහුරෝ උඹේ බ්ලොගේ මට මිස් වෙලානේ.. ඔන්න මේ දැම්ම රෝලේ එල්ල ගන්නවා.. තැන්කූ වේවා පාර පෙන්නුවට..
    මෙච්චර සවිස්තරව නොවුනට මාත් මේක ගැන දැනන් උන්නා.. ඒකමයි කොච්චරවත් කියන්නේ පුච්චන්න එපා කියලා.. ඒත් මං එහෙ මෙහෙ වෙනකම් ඉඳල ගෙදර උන් පුච්චලා දානවා.. අනික මං ගෙදර ඉන්න එකක්යැ ඕවා කොන්ට්‍රෝල් කරන්න.. බලමු මේ ලිපියවත් පෙන්නලා..

    ReplyDelete
  6. කොහොමටත් කුණු පුච්චන එක ගැන මමනම් ඉස්සර ඉඳලම විරුද්ධයි...
    ප්ලාස්ටික්, පොලිතින් ප්‍රතිචක්‍රීකරණය කරන්න බැරිනම් ස්වභාවිකව දිරන්න අරින එක තමයි කරන්න වෙන්නේ... :(

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.