2015-01-30

පඩි වැඩි කරපු එක වැරදිද?


අතුරු අයවැයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කර බඩු මිල (බදු) අඩු කර මේ නටන නෙයියාඩමෙන් මහා භාණ්ඩාගාරය හිස් වෙලා රට බංකොළොත් වෙයි කියල සමහර අය බය වෙලාලු.

ඒ වුනාට බලන්නකො මුදල් අවභාවිතය කොහොමද කියල.
ජනාධිපති ලේකම් කාර්යාංශයේ විය හියදම් කරල තියෙන විදිහයි වැය ඇස්තමේන්තුව 2015ට සැළසුම් කරල තිබිල තියෙන්නෙ කොහොමද කියලයි බලන්න ප්‍රස්තාරයක් ඇන්දහම අළුත් ආණ්ඩුවේ ඇස්තමේන්තුව පේන්නෙවත් නෑ වගේනෙ.
ජාතික ලොතරැයි මණ්ඩලයේ අරමුදල් වලින් රුපියල් මිලියන 270ක් (කෝටි 27ක්) දේශපාලන අරමුණු වෙනුවෙන් යොදවලාලු.
උතුරු අධිවේගී මාර්ගයේ නියම ඇස්තමේන්තුව, ඉදිරිපත් කර අැති ඇස්තමේන්තුවට වඩා රුපියල් කෝටි 500ක් (බිලියන් 50ක්) විතර අඩුයි කියන්නෙ.

ඉතින් පඩි වැඩි කරන්න බැරුවයැ. බඩු මිල අඩු කරන්න බැරුවයැ.

මේ ඔක්කොම බොරුද කියල හිතෙනව මේව දැක්කහම.


5 comments:

  1. මේ මස තුන යනකන් පටි තදකරගෙන 5000 නෙවේ ඉල්ලන ගානක් පඩි වැඩිකරයි ....හැබැයි ඊළඟ චන්දෙ ඉවරඋනාට පස්සේ උඹලට කන්නවෙන්නේ පුන්නක්කු තමයි මොකද ඒවා තමා උඹලට වඩාම ගුණ ....මේ වගේ බොරුවක් වත් තේරුම්ගන්න බැරි ගොන් හරක් නිසා
    ඔය පොල්ගෙඩියක් වගේ තියන ඔලුවේ මදටිය ඇටයක් තරම් වත් මොලයක් තිබ්බානම් මේ වගේ ගොන් කතා කියන එකක් නැහැ...
    බලාගෙන හිටපල්ලා හොඳ හොඳ සෙල්ලම් එළිවෙන යාමෙටලු.................

    ReplyDelete
    Replies
    1. බල්ලො බුරනකොට ඒ බිරීමේ කිසිම තේරුමක් නෑ. ඌ නිකම්ම බුරනව. ගෙදර බඩු හොරකං කරන්න ආව එකාටත් බුරනව. තෑග්ගක් දීල යන්න ආපු එකාටත් බුරනව. ලියුම් බෙදන එකාටත් බුරනව. ජන සංගණනයට ආපු එකාටත් බුරනව.
      නිකම්ම බුඃ බුඃ බුඃ.
      කොහෙද බොරුව, මොකක්ද බොරුව කියනවකො.

      Delete
    2. ඊ ළඟ චන්දෙත් පරදින්නද කල්පනාව?

      Delete
  2. MAHINDA BAIYATA KADE YANA UNTA THAMI PUNNAKKU KANNA WENNE

    ReplyDelete
  3. අනවශ්‍ය නාස්තිය නැවැත්තුවාම හරි. පඩි වැඩිකිරීම නිසා රටේ මුදල් සංසරණය වැඩිවෙනවා රජයේ සේවකයන්ගෙ ගිණුම් සී ෂෙල්ස් වල නැති නිසා.
    කෝටි 500 = බිලියන 5 විය යුතුය.

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.