2015-01-13

සිංහල චන්ද හා මහින්දගෙ චන්ද

මේ පින්තූරයෙන් (ප්‍රස්ථාරයෙන්) පෙන්වන්නේ ශ්‍රී ලංකාවේ එක් එක් දිස්ත්‍රික්කයන්හි සිංහල ජනතාවගේ අනුපාතය සහ මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් චන්ද ප්‍රමාණයේ අනුපාතයයි.
මේ ගණන් හැදිල්ලට යාපනය, වන්නි (මුලතිව්-වවුනියා-මන්නාරම්), ත්‍රිකුණාමලය හා මඩකලපු දිස්ත්‍රික්ක වල තොරතුරු ඇතුළත් නොකළේ එම පළාත්වල ජන සංයුතිය පිළිබඳ තොරතුරු සොයාගැනීමට නොලැබුනු නිසයි.

මෙතනදි පැහැදිළිව පෙනෙන දෙයක් තමයි නුවරඑළිය සහ අම්පාර යන දිස්ත්‍රික්ක දෙක හැරුණම අනෙක් හැම දිස්ත්‍රික්කයකම ජන සංයුතිය සහ චන්දය දුන් අයගේ සංයුතිය අතර බරපතළ වෙනස්කමක් තියනවයි කියන එක.

මේකත් මං ඉදිරිපත් කරන්නෙ ඊයෙ පටන්ගත්තු “හුඹස් බිය දුරු කිරීමේ“ ව්‍යාපෘතිය යටතේමයි.

------------------------------------------------------------------------------------------------------------------------
ප.ලි.

මෙයට ඇතුළත් නොවුනු දිස්ත්‍රික්ක හතරෙ චන්ද අනුපාත මෙහෙමයි (මේ කියන්නෙ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ චන්ද වලින් මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් චන්ද ප්‍රමාණය).
මඩකලපුව (16.6%)
ත්‍රිකුණාමලය (27.1%)
වන්නිය (19.6%)
යාපනය (22.7%)

මට මේ දිස්ත්‍රික්ක වල ජන සංගණන තොරතුරු ලැබුනෙ නැති නිසා නිවැරදිවම කියන්නට නොහැකි නමුත් යාපනය දිස්ත්‍රික්කයේ 22.7% සිංහල ජනතාවක් ඉන්නව කියල මං හිතන්නෙ නෑ. කොහොම වුනත් ඒ ගැන පස්සෙ බලමු.

3 comments:

  1. හෙනා..................

    මේ ප්‍රතිශතය අනුව පෙනී යන්නේ මහින්ද යම් සිංහල ඡන්ද ප්‍රමාණයක් ගත්තා කියලා... ඒතකොට තොණ්ඩා සහ අනෙකුත් දෙමළ මුස්ලිම් සෙට් ඒක ළගින් තියාගෙන ගත්ත දෙමළ මුස්ලිම් ඡන්ද කෝ..... ඒවත් මේකට ගණං ගත්තොත් සිංහල ඡන්ද කොයිතරම් වෙනස් කරන්න වෙයිද කියලා හිතාගත හැකියි නේද?????

    ReplyDelete
  2. මේකේ සිංහල ජනගහනයේ ප්‍රතිශතයට වඩා ඡන්දය හිමි සිංහල ජනතාවගේ ජනගහනය දැම්මා නම් මෙයට වඩා සාර්ථකයි කියලයි මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ඡන්දය හිමි සිංහල ජනතාවගේ ප්‍රතිශතය සිංහල ජනගහණයේ ප්‍රතිශතයට සමානයි කියල උපකල්පනය කළා. ඡන්ද ලැයිස්තුවල ජාතිය සඳහන් කරන්නෙ නෑ නේද? කොහොමටත් දත්ත හොයාගන්න බැහැ ඒ විදිහට.

      Delete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.