2015-01-12

කොටි දිස්ත්‍රික්ක හා කොටි චන්ද

පසුගිය ජනාධිපතිවරණයේදී දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රතිපල විග්‍රහ කළ ඇතැම් අය දිස්ත්‍රික්ක පිටින් පාට කළේ එම දිස්ත්‍රික්කයේ වැඩියෙන් ඡන්ද ලබාගත් පක්ෂය අනුවය. (මහින්දට වඩා මෛත්‍රී එක චන්දයකින් වැඩි වුනානම් ඒ දිස්ත්‍රික්කයේ ගෑවේ මෛත්‍රි ගේ පාටය) මෙහිදී දකින්නට ලැබුනේ අතිශය භයානක චිත්‍රයකි. ප්‍රබාහරන් විසින් ඊළම කියා ඇඳ තිබුනු සිතියම හා සමපාත වන පරිදි පාට බෙදී ගොස් තිබිනි. මෙයට බිය වූ ඇතැම්හු පසුගිය සෙනසුරාදා ජනාධිපතිවරයා මහනුවර සංචාරය කිරීමේදී යොදා තිබුනු ආරක්ෂක කටයුතු දැක “නුවරට කොටි ඇවිත්“ කියා බය වූහ. ඇතැමෙක් දරුවන් පංති යැවීමෙන් පවා වැළකුනේ මේ බිය නිසාය. එහෙත්, ඇත්ත චිත්‍රය වෙනස් වේ. ප්‍රතිපල වල පදනම කොටි දිස්ත්‍රික්ක නෙවේ.

මේ සිතියමේ ඇති බින්දු වල විශාලත්වය ඡන්ද සංඛ්‍යාවට සමානුපාතිකව ඇන්දේ නම් තත්වය තවත් පැහැදිළි වනු ඇත.

මෙය තවත් පැහැදිළිකරගැනීමට ඒ ඒ දිස්ත්‍රික්කයේ ජනවර්ග අනුපාතය හා අපේක්ෂකයන් දෙදෙනා ලබාගත් ඡන්ද ප්‍රමාණයේ අනුපාතය සන්සන්දනය වන පරිදි සිතියමක් සකස් කරගැනීමෙන් හැකි වේ. දැනට මට ඒ සඳහා කාලවේලාව නැත.

බියට පත් අසරණයන්ගේ සැනසීම වෙනුවෙන් මෙය ඉදිරිපත් කරමි.

6 comments:

  1. හරි........... උතුරේ රතුපාට වැඩිනම් ඒවා කොටි ඡන්ද යැයි කියමුකෝ....

    ඒතකොට දකුනේත් කොටි ඡන්ද තියෙනවාද??? අැයි ඒ රවුම් වල දකුනෙත් රතුපාට තියෙනවානේ..

    ටික දවසක් ඉවසං හිටියානං හරියට ම කොටි කවුද කියලා අපි කියලා දෙන්නම්... අපි කියන්න ඔ්න වෙන ඒකක් නැහැ.. ඔය පනින්න බලාගෙන ඉන්න ලොක්කාගේ කුක්කෝ ටිකම ඒක වෙලාවට කියයි.... දැන් කොටි කතා අහෝසියි කොලුවෝ.............

    ReplyDelete
  2. මොන අහෝසියක්ද? අර ම.ක.සි. ලා එතකොට “ටිකක් හිනාවෙන්න“ වගේ කට්ටිය තවමත් පඩ දාගෙන ට්‍රයි කරනවනෙ.
    ඔක්කොටම වඩා මේ අහිංසක මිනිස්සු බය වෙනව මුන්ගෙ මගුල් හින්ද.
    ඕකෙන් මේකෙන වෙන්නේ අපේ අර පරණ කතන්දරේක කියනව වගේ ඇත්තටම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හරි විදේශීය ප්‍රහාරයක් හරි ආපු දවසටත් අපේ මිනිස්සු ඒක ගණන් නොගෙන ඉන්න පුරුදු වෙන එකයි.

    පැරදුනාම හිතේ අමාරුව යන්න එක එක කතන්දර ගොතාගන්න එක මිනිස්සුන්ගෙ සාමාන්‍ය ස්වභාවයක්. ඒ වුනාට මෙහෙම පොදු මහ ජනතාව අවුස්සන, කළබලයට පත් කරන පට්ට පල් බේගල් ඇදබානකොට ටික දවසක් ඉවසං ඉන්නත් බෑනෙ යාළුවා.

    ReplyDelete
  3. මෝඩ තර්ක දාන්න එපා හරී.
    පොදු අපේක්ෂකට චන්දෙ දීපු විවිද අයට විවිද අරමුණු තිබුනා. ඔවුන් තුල මේ අරමුණු එකක් හෝ කිහිපයක් තිබුනා
    -දුෂණය ට විරුද්දව.
    -මහින්ද පරාජය කිරීමට
    -රනිල් අගමැති කිරීමට
    -රජ රට කෙනා හෝ තමන්ට ජොබ් දුන් සිරිසේන මහතා දිනවීම.
    -තමන්ට අනාගතයේ ලැබීමට පුළුවන් තනතුරු හෝ වෙනත් වාසි උදෙසා.
    -මහින්දට හිතවත් තම ආවට සිටින මැර දේශපාලකයන්ට හෝ වෙනත් අයට විරුද්දව.
    -තම පක්ෂයේ මතය වෙනුවෙන් පෙනී සිටීම
    -සොබිත හමුදුරුවේ රතන හාමුදුරුවෝසහ චම්පික රණවක පොදු අපේක්ෂක සමග සිටීම
    -TNA සමග එකඟවීම
    -හකීම් සමග එකඟ වීම
    මෙතනින් සිංහල අය තුල අවසාන අරමුණු දෙක හැර අනෙක් අරමුණු යටතේ පොදු අපේක්ෂකට සහය වුනා. මුස්ලිම් සහ ද්දෙමල අය 7 වන කරුණ හැර අනෙක් කරුණු අනුව සහය පලකලා. පොදු අපේක්ෂක ජය තුල පැහැදිලිව ජාතිවාදී ඉල්ලීම තියෙනවා නැහැ කියන්න බැහැ.

    මොළ ගෙඩියට හෙන ගහලද සින්හලුනේ

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ මකසි,
      පොදු අපේක්ෂකට චන්දෙ දීපු අයට විවිධ අරමුණු තියෙන්න ඇති. මහින්දට චන්දෙ දීපු අයටත් විවිධ අරමුණු තියෙන්න ඇති.
      දෙමළ සහ මුස්ලිම් අයගේ චන්ද බොහෝ දුරට ටී එන් ඒ සහ හකීම් අනුව ගිය ඒව බවත් ඇත්ත.
      මම කියන්නෙ මේකයි. පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කළ දිස්ත්‍රික්ක විදිහට හඳුන්වන්නෙ ඔහු එක චන්දයක් හරි වැඩිපුර ගත්ත දිස්ත්‍රික්ක මිසක් සීයට සීයක් පොදු අපේක්ෂකයට චන්දෙ දීපු මිනිස්සු ඉන්න දිස්ත්‍රික්ක නෙමෙයි. මහින්දටත් එහෙමමයි. ඒත් අර සිතියමේ යම් දිස්ත්‍රික්කයක යම් පාටක් ගාල තියනකොට, බලන කෙනාට එන හැඟීම ඒ දිස්ත්‍රික්කය සම්පූර්ණයෙන්ම සීයට සීයක්ම ඒ පාටට චන්දෙ දීපු බවක් නේද? ඒ නිසානෙ චන්ද ප්‍රතිපල ආපු දවසට පහුවදාම රට දෙකට බෙදුන තමයි කියල මිනිස්සු බය වුනේ.
      හැම ජාතියෙම මිනිස්සු ළඟ ජාතිවාදී ඉල්ලීම් තියන බව මං පිළිගන්නවා. ටී එන් ඒ වෙන්න පුළුවනි, හකීම් වෙන්න පුළුවනි, බොදු බල සේනාව වෙන්න පුළුවනි, හෙළ උරුමය වෙන්න පුළුවනි ඒ හැම එකක්ම “ජාතිය හේතුකොට ගෙන“ යම් යම් ලක්ෂණයන් ඇති වෙනව කියල තර්කයක් ගොඩනගනවනෙ. ජාතිවාදය කියන්නෙ ඒකයි. “සිංහලයා ජාතිවාදී නෑ“ කියන වාක්‍යයත් ජාතිවාදී වාක්‍යයක්. ජාතිවාදී නෑ කියන ලක්ෂණය ඇති වෙලා තියෙන්නෙ සිංහලයෙක් වීම නිසා කියල කියන නිසයි ඒ. මේ ළගදි මං අඳුනන එක්කෙනෙක් කිව්ව “කතෝලිකයන්ට හොඳට සිංදු කියන්න පුළුවන්“ කියල. ඒක ආගම්වාදී ප්‍රකාශයක්. (ඒ ප්‍රකාශය පදනම් වෙලා තියෙන්නෙ පැහැදිළි සත්‍ය කාරණයක් උඩ වීම - ඒ කියන්නෙ කතෝලිකයන්ගේ සංස්කෘතික කාරණා උඩ සිංදු කියන්න පෙළඹීම වැඩි වීම- වෙනම කාරණයක්).

      හැම දේකටම හේතුවක් තියනවා. ඒ හේතුව ඔහු හෝ ඇය යම්කිසි ජාතියකට අයිති වීම නෙවෙයි. නජච්ඡා වසලො හොති.

      මහින්දගෙ ජාතිවාදී ස්වරූපය මැනැවින් වැටහෙනවා සිංහල නොවන අයට. ඔවුන් මහින්දට විරුද්ධව චන්දය දෙනවා. මහින්දගෙ ජාතිවාදී ස්වරූපය වැටහෙන ඒත් එයට අකමැති සිංහල අයත් මහින්දට විරුද්ධව චන්දය දෙනවා.
      මෙතන කිසිම මෝඩ තර්කයක් හෝ නුවණක්කාර තර්කයක් නෙවෙයි තියෙන්නෙ. හිතාමතාම බොරු කිරීම හෝ බොරුවකට රැවටීම.
      ටී එන් ඒ එක වෙනම රටක් ඉල්ලන්න කැමති ඇති. හකීම්ලත් වෙනම රටක ජීවත් වෙන්න කැමති ඇති. අපි බලන්න ඕනැ ඇයි එහෙම වෙලා තියෙන්නෙ කියලයි.
      මහින්දවාදීන්ගේ තර්කය මෙහෙම නේද? “අපි ආයුධ බලයෙන් සිංහල නොවන අය මැඩපවත්වලා තියෙන්නෙ. ඒ මර්ධනය දිගටම පවත්වාගෙන යන්න ඕනෑ.“
      ඕක හරියට ගත්තොත් අපි බූරුවෙක් බැඳගෙන ඉන්නවා. ඌට කන්න දෙන්නෙ අපි. ඌ අපට කඩේ යන්න ඕනෑ.“ කියල හිතාගෙන ඌට නිදහසේ කැමති තැනක ඇවිදින්න නොදී ඉන්නවා වගේ වැඩක් නේද?
      බූරුවන්ට වගේ මිනිස්සුන්ට සළකන්න බැහැ.
      සිහලුන්නෙ මොළ ගෙඩි වලට හෙන ගහල නෑ. ඔබේ මොළය පුස්කාල.

      Delete
    2. //ටී එන් ඒ එක වෙනම රටක් ඉල්ලන්න කැමති ඇති. හකීම්ලත් වෙනම රටක ජීවත් වෙන්න කැමති ඇති. අපි බලන්න ඕනැ ඇයි එහෙම වෙලා තියෙන්නෙ කියලයි.// ඕවාට විවිධ හේතු තියෙනවා ඒවායින් අපිට නැති කරන්න බැරි හේතු තමයි වැඩි.

      //මහින්දවාදීන්ගේ තර්කය මෙහෙම නේද? “අපි ආයුධ බලයෙන් සිංහල නොවන අය මැඩපවත්වලා තියෙන්නෙ. ඒ මර්ධනය දිගටම පවත්වාගෙන යන්න ඕනෑ.// නැත මෙසේ නොවේ. මහින්දගේ ක්‍රමය නම් ආයුධ බලයෙන් කොටි මෙල්ල කළා දැන් රට නොබෙදා ජාතීන් අතර සහජීවනය වර්ධනය කිරීමයි.මෙයට ගත් එක ක්‍රියාමාර්ගයක් තමයි භාෂා තුනම ගැන පාසලේදී ඉගැන්වීම . තව ක්‍රියාමාර්ග තියෙනවා.

      ලංකාවේ සුලිජාතීන්ට උපරිම නිදහස තියෙනවා. නමුත් තම දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් දේශපාලකයෝ ජාතිවාදය වර්ධනය කරනවා. ඕකයි තත්වය.

      Delete
    3. මකසි
      මගේ තර්ක මේවායි.
      1. වෙනම රටක් ඉල්ලන්න විවිධ හේතු තියනව කියන එක මාත් පිළිගන්නවා. ඒත් වෙනම රටක් ඉල්ලීම බලවේගයක් බවට පත්වෙන්නෙ ඒ ජනතාව ඒකට එකඟ වුනොත් විතරනෙ. ජනතාව එකඟ කරගන්න නායකයො පාවිච්චි කරන්නෙ මොනවද කියල අඳුනගෙන ඒවට පිළියම් යොදමු කියලයි මගේ අදහස.
      2. මහින්දගෙ ක්‍රමය ගැන නෙවෙයි මං කතාකළේ මහින්දවාදීන්ගෙ ක්‍රමය ගැනයි. මහින්දත් මහින්දවාදියෙක් වුනා පසුකාලයේදී මට පේන හැටියට.
      3. දේශපාලකයෝ ජාතිවාදය වර්ධනය කරන බව සීයට සීයක් ඇත්ත. අපි ටික ටික හරි ඒකට තියන ඉඩකඩ අහුරමු.

      Delete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.