2013-10-18

විවාහකයන්ට පමණයි

මේ තියෙන්නෙ පැපරාසි නිවුස් ගොසිප් සයිට් එකේ තිබුනු ප්‍රවෘත්තියක්.

ගම්පහ නගරයේ තිබෙන ෆාමසිවලින් විකුණන උපත් පාලන පෙති සහ උපත් පාලන උපකරණ වලින් 50‍%ක් මිලදී ගන්නේ උපකාරක පන්ති වලට එන වයස අවුරුදු 16ත් 24ත් අතර තරුණ තරුණියන් බව ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා පවසයි.

මේ නිවුස් එකටත් සුපුරුදු විදිහටම කමෙන්ට්ස් දාල තිබුන කොලු කුරුට්ටො 15දෙනෙක් මං ඒක බලන වෙලාව වෙද්දි. මේ තියෙන්නෙ ඒ කමෙන්ට්ස්. (සමහර කමෙන්ට්ස් දාල තියෙන්නෙ ඔය ගම්පහ ගෲප් එකේම කට්ටිය වෙන්න ඇති කියලත් හිතෙනව.)
-----------------------------------------------------------------------------------------------------------
Comments (15) මේ තියෙන්නෙ මේ ලිපියට දාන කමෙන්ට් එහෙම නෙවෙයි ඕං. පටලවාගන්න එපා. ලිපිය තව ඉවර නැහැ. ඉතිරි ටික පහළ.

+35
Ruchika's avatar
Ruchika · 2 days ago
yako upath palana pethi, arawa mewa thiyenne ewa use karanna thamai, nathuwa lamai hadagena passe e lamainwa winasa karanna nemei, lankawe inna kalakanni mewa therum ganne na. 16-24 athare aya mewa ganne nathuwa 60-75 athare inna ewntada mewa thiyenne bolaw.
+2
මිනිසා's avatar
මිනිසා · 1 day ago
wediyenma kopu ganne kawuda?
+2
three wheel malli 's avatar
three wheel malli · 1 day ago
ane eranga :P owwa wikke naththan gampaha kellanta mokada wenne !!!
0
kuma's avatar
kuma · 1 day ago
memath dewal hane apoi ..... iiii
+1
science teacher 's avatar
science teacher · 1 day ago
upath palanaya pasal wala o/l syllabus ekata danna ona kiyala ka gahanawa itin ewa pawicchi karanna ehanam ai tahanam wena dewal wen dewal nadda kata karanna mewa pawichi kare nattam aids rogin wadi wai gabsa wadi wai mewa gana ai hitan nate
+1
K .N.Ranjan's avatar
K .N.Ranjan · 1 day ago
It is not a good trend.We must teach children how to behave well.This is not our culture.Children should study first and then try to find love
+2
copu's avatar
copu · 1 day ago
me wage moda musaleyek, thuk witharak
0
SUMANASIRI's avatar
SUMANASIRI · 1 day ago
GAMPAHA MEYER WHAT SAY ? IHATHA IYALA THIBUNA EKE THERUMA THERUM GANNA OHU KIYANA EKE THERUMA NAM LMUN GE MEMA HASIRIMA NOMANA BAWAI EHEMATH NATHINAM MEKATA COMMENT LIYAPU SAMAHARECK KAMATHI ETHI OHUGE PUTHA HO DUWA MEWA KARANAWATA
0
wimal's avatar
wimal · 1 day ago
eranga ayyath baba ne
0
OPtimus's avatar
OPtimus · 1 day ago
Erangaya Nagaradi wela Wada pennanna yanawa lol! ane oii Wadak balagena Yanawa Manussayo Yanna uba Upayh palana pethi ganne Gani Marichcha dawasatada??? ah
0
milinda's avatar
milinda · 1 day ago
machaolaaa mata kiyanawada upathpaalana pathiwala namak kaagen wath ahannath be matath ona wela thiyanawa bn
0
ssssss's avatar
ssssss · 1 day ago
tusion dena sirla genna kiwwada danne nahane
0
සඳරු 's avatar
සඳරු · 18 hours ago
පිස්සු ලෝකයක්. මමත් ඔය වයස තුල ඉන්නේ හැබැයි මටනම් තාම රෙස්ට් හවුස් ගානේ රිංගන්න ඕනේ නැහැ. යාලු උන කෙල්ලෙක් උන්නත් ඒකිට ඕනෙත් ඉගන ගන්න. මට ඕනෙත් ඒක.

ඔය වයසේ ඉන්න උන්ට තමන්ගේ අරමුණ පෙන්නුවානම් හරි. උන් උන්මන්තකයෝ. සුළු ආශාවන් උදෙසා ජීවිතයම කෙළසා ගන්නවා..
0
Godaya's avatar
Godaya · 17 hours ago
What a backward thinking. we are living 21st century. They should appreciate the fact that young people are more aware about the consequences of unsafe sex. Do these people really know our culture ?
--------------------------------------------------------------------------------------------------------------
 ඒ ප්‍රවෘත්තියේ ඉතිරි හරිය අවශ්‍යනම් කියවන්න පුළුවන් වෙන්න ලින්ක් එක දාල තියෙන්නෙ. මං මේ කතාකරන්න හදන්නෙ නිවුස් එක ගැන නෙවෙයි. මේ දාල තියන කමෙන්ට්ස් වලින් අති බහුතරයක් දකින්නෙ ඒ කියල තියන තත්වය සාමාන්‍ය තත්වයක් එහෙමත් නැත්නම් විය යුතු දෙයක් හැටියටයි.

මේ ප්‍රශ්නෙ දෙපැත්තක් තියනව. එකක් තමයි, දැන් මේ අපි මරාගෙන බේරගන්න හදන සිංහල සංස්කෘතිය. අනිත් එක, මේ විදිහට ටියුෂන් ක්ලාස් එක කට් කරල ළමයි කරගන්න විනාශය. මේ ළමයි ඔය පෙති ගන්නෙ ගෙදර ගිහින් හැන්දෑවට බොන්න නෙමෙයිනෙ. ක්ලාස් එක කට් කරල කොහෙ හරි රිංගන්න ප්ලෑන් කරල කරන වැඩක් බව පැහැදිළියිනෙ.

මේ නිවුස් එක දකින්න කළින්මත් මට මේ වගේ කාරණා ගැන යමක් ලියන්න හිතිලයි තිබුනෙ. ඒකට හේතුව තමයි මේ අන්තර්ජාලයේ සමහර සිංහල වෙබ් අඩවි වලින් අපේ දරුවන් ගෙනියන්නෙ මොනවගේ අගාධයකටද කියල දැකීම. මම පහුගිය දවසක උවමනාවෙන්ම ඒ වගේ සයිට් කීපයක් කියවල බැලුව. අන්තර්ගතය වශයෙන් ගත්තහම, අර අපි ඉස්කෝලෙ යන කාලෙ එහෙම තිබුන නවසරණ ආදී පත්තර පඩංගු වල වගේම තමයි. ඒ පත්තර කියවලා රස වින්දත්, ඒවයෙ තියෙන්නෙ මොන තරම් බොරුද කියල දැන් බැන්දට පස්සෙ තේරෙනව.


ගම්පහ කියන්නෙ ලංකාවෙ ටියුෂන් (මහා පරිමාණ) උපන් ස්ථානය. ඒ තියන ක්ලාස් කන්දරාවෙ හැටියට මේ වගේ දේවලින්වත් ගම්පහ ළමයි අධ්‍යාපනයෙන් ටිකක් හරි ඈත් කළේ නැත්නම් අනිත් පලාත් වල ළමයි කැම්පස් එහෙම යනව බොරු.

13 comments:

  1. මේකට දනවා නං දාන්න ඕනෙ දිග කමෙන්ට් එකක්.. ඒත් වෙලාව නෑ.. කාලෙකට කලින් මං ලිව්ව පෝස්ට් එකකත් මේ ටික වෙයි කියන එකත් කිව්වා... කෙටියෙන් කියන්න තියෙන්නෙ මටත් මේකට වැටිලා තියෙන කමෙන්ට් වලින් බහුතරයට එකඟ වෙන්න සිද්ධ වෙනව කියන එක.. මොකද අපි මේ හංගගෙන දඟලන දේවල් වලට අපි නොදැනුවත්ව උනත් ළමයි නිරාවරණය වෙනව කියන එක මේකෙන් පේන්නෙ... උන් අඩුගානෙ ප්‍රශ්නෙ එක පැත්තකින් හරි පරිස්සම් වෙන්න දන්නවා.. ඒකත් ලොකු දෙයක් කියල මං හිතන්නෙ...

    සංස්කෘතිය පැත්තකින් තියල මේ සම්බන්ධ අත්‍යවශ්‍ය දේවල් එළිපිට කතාබහ කරන තැනට ඉක්මණට ආවේ නැත්තං රට අමාරුවෙ වැටෙනව... ඔය වයස කියන්නෙ කුතුහලය උපරිම තියන වයස... වැඩිහිටියො විදියට ඒ වයසට අවශ්‍ය දැනුම අපි දෙන්නෙ නැත්තං එයාලා ඒක කොහෙන් හරි හොයා ගෙන යනවා... හැබැයි ඒකෙ අතුරුපල කියන ඒවා එයාලට තේරෙන්නෙ නෑ... විශේෂයෙන් අධ්‍යාපනය කඩකප්පල් වෙන එක.. ඒ කාලෙදි අධ්‍යාපනය කියන එක ගැන එච්චර තැකීමක් නෑනේ... අන්න ඒක කතාබහ කරල තේරුම් කරලා දෙන්න කෙනෙක් ඉන්නවා නං.. ( හැමතිස්සෙම පස්සෙන් ගියාය, ළමයට කනක් ඇහිලා ඉන්න නැති වෙන්න හැමතිස්සෙ පාඩම් කරනවනවය කියන එක නෙවෙයි මං මේ කියන්නෙ) .. එයාලට තමන්ගෙ වගකීම් තේරුම් කරලා දෙන්න කෙනෙක් ඉන්නවා නං .. අන්න එතනයි හරි දේ තියෙන්නෙ කියල මං හිතන්නෙ...

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් වලින් බහුතරයක තියෙන්නෙ ටියුෂන් යන ළමයි උපත් පාලන පෙති පාවිච්චි කරන එක හොඳයි වගේ අදහසක්නෙ. ගහට නගිනවනම් වළල්ලක් දාගෙන නගින එක හොඳයි තමා. ඒත් ගම්පහ නගරාධිපතිතුමා කියල තියන කතාවෙන් පේන්නෙ ගම්පහ ටියුෂන් යන ළමයි විශාල වශයෙන් ලිංගික කටයුතු වල නියැලෙන බව සහ ඒක කරන්නෙ ටියුෂන් කට් කරල බව.
      ළමයි ඔය වයස පහු කරන්න පටන් ගත්තෙ ඊයෙ පෙරේදා නෙවෙයි. අපිත් ඔය වයස පහු කළා. අපේ අම්මල තාත්තලත් ඔය වයස පහු කළා. අපිත් ටියුෂන් ගියා. අම්මලගෙ කාලෙ නම් ටියුෂන් ඔය විදිහට තියෙන්න නැතුව ඇති.
      අපි ටියුෂන් යන කාලෙත් ප්‍රීති, මිතුරි කඩවල ගන්න තිබුනා.
      ඉතින් මෙච්චර කල් මේ ‍රටේ තරුණ ළමයි බහුතරයක් ලිංගික කටයුතු වල (බරපතල) නියැලුනේ නැහැනෙ.
      දැන් ළමයින්ට වගකීම තේරෙන්නෙ නැති කම නෙවෙයි, එයාලට පුරුදු වෙලා තියෙන්නෙ වගකීම අමතක කරල ජීවත් වෙන්න. විනාශය එතනයි.

      Delete
  2. /# මේ වගේ දේවලින්වත් ගම්පහ ළමයි අධ්‍යාපනයෙන් ටිකක් හරි ඈත් කළේ නැත්නම් අනිත් පලාත් වල ළමයි කැම්පස් එහෙම යනව බොරු. #/

    ඒ කියන්නේ මේක අධිරාජ්යවාදී කුමන්ත්‍රණ්‍යක් නොවෙයි, නිකම්ම නිකං දේශීය එකක්.

    ReplyDelete
    Replies
    1. හුඟක් කුමන්ත්‍රණ දේශීය ඒව තමයි. (ඔය උපුටාගත්ත කෑල්ලනම් සිරාවට ලියපු කෑල්ලක් නෙවෙයි)

      Delete
  3. ලිංගිකත්වය කියන මාතෘකාවම තහනම් උන රටක මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද?
    අපේ අය කරන්න ඕන තැනට නෙමේ බෙහෙත් කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. මෙතන ලිංගිකත්වය තහනම් වීම සමග සම්බන්ධයක් මටනම් පේන්නෙ නැහැ.

      Delete
  4. ලිංගිකත්වය කියන වචණයටම සමාජය තැති ගැහෙනවා. එතැන තමයි මට පේන අවුල. වඩාත් විවෘතව සාකච්ඡා කලයුතු මාතෘකාවක්. දෙමව්පියන්, වැඩිහිටි සහෝදර සහෝදරියන් තම පවුල මූලික කරගෙන ඇරඹිය යුතු සංවාදයක්.

    ReplyDelete
    Replies
    1. අරූ, කොන්ඩම් එකකින් ඒඩ්ස් නවත්තන්න පුළුවන් වෙයි. බඩ වෙන එකත් නවත්තගන්න පුළුවන් වෙයි. එතනින් එහාට විනාශයක් පේන්නෙම නැද්ද?

      Delete
    2. හෙනේ.......ඇත්තටම පේනවා....දැකලා අහක බලන් ඉන්නවාත් නෙමෙයි....හැබැයි අපි කැමති වුනත් නැතත් මේ බස් එක අපේ හෝල්ට් එකේ නවත්තන්නේ නැහැ. ඒක එක්ස්ප්‍රස් එකක්. දැන් අවම වශයෙන් කරන්න තියෙන්නේ සංස්කෘතිය මොහොතකට පැත්තකට තියලා ලිංගික අපරාධ රැල්ලවත් නවත්තගන්න එක. ඒ සඳහාවූ දැණුවත් කිරීමයි කරන්න වෙන්නේ. මේ බස් එක එක්ස්ප්‍රස් වුනේ අපි ඉල්ලලා නෙවේ. තාක්ෂනය විවෘතවීම තුල සංස්කෘතිය සදාචාරය මගින් යටපත් කර තිබූ ලිංගික තෙරපුම පුපුරා ගියා. (කොහොමත් මිණිසා කියන සත්ව කොට්ඨාශය කාලෙකට විතරක් පට්ටි දාන විශේෂයක් නෙමෙයිනේ ) අඩුම ගානේ කොන්ඩම් එකක් දාගෙනවත් වැඩේ කරගන්න හැටි කියලා දුන්නොත් හොඳයි, කක්කුස්සි වලවල් වලයි, හොර දොස්තරලාගේ කුණු බක්කිවලයි කුණුවෙන කළල වලට වඩා.

      හෙනේ....මේක මගේ පෞද්ගලික අදහසයි.

      Delete
  5. ''යෞවනයා'' බොග මෙන්න මේ ''w'' බොගද
    http://yawwnayaa.blogspot.com/

    නැත්නම් මෙන්න මේ ''v'' ''යෞවනයා'' බොගද
    http://yawvanaya.blogspot.com/

    ඔය දෙකම ලියන්නේ

    පුංචී කුමාරිහාමිද
    චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්නද
    ආචාර්‍ය සුජිත් නිශාන්ත හේවගේ

    මේ තුන්දෙනාම

    එක්කෙනෙක්ද
    දෙන්නෙක්ද
    තුන්දෙනෙක්ද

    ReplyDelete
  6. දෙමවුපියන් දරුවන් සමග සම්බන්දය මිටවඩා ලගවිය යුතුයි එවිට මෙව පාලනය වෙවි
    හය හතර

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ තරමක් දුරට හෝ බොහෝ දුරට හරි කියලයි මමත් හිතන්නෙ. අද කාලෙ දෙමව්පියෝ අවිවේකී වැඩි කම නිසා හෝ වෙනත් හේතුවක් නිසා හෝ ගෙදර ඉන්න කාලය අඩුයි, දරුවො එක්ක ගත කරන කාලය අඩුයි.

      ඒ කොහොම වුනත් මගේ හිතේ අමාරුව වුනේ ඒ ගැන දාපු කමෙන්ට්ස්.

      Delete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.