2013-04-18

කාන්තාවන්ට පමණයි


මේ විශේෂඥ උපදෙස් කාන්තාවන්ගේ ප්‍රවේශම සඳහායි
1)    කාන්තා ඔබට සෙනග අඩු අවස්ථාවක සැක සිතෙන පිරිමියකු සමග තට්ටු ගණනාවක ගොඩනැගිල්ලක විදුලි සෝපානයක (ලිෆ්ට් එකක) ගමන් කිරීමට සිදු වුවහොත් ඔබ කරන්නේ කුමක්ද?

විශේෂඥ උපදේශය:  විශේෂඥ උපදේශය නම්, ඔබට ගමන් කිරීමට අවශ්‍ය තට්ටුව දක්වා ඇති සියළුම තට්ටු වලට අදාළ බොත්තම් ඔබා සියළුම තට්ටු වල සෝපානය නැවතීමට සළස්වන්න. සිහියක් ඇති එකෙක් ඔබට අතවරයක් නොකරනු ඇත.

2)    ඔබ නිවසේ තනිව සිටින අවස්ථාවකදී නිවසට පැමිණෙන අමුත්තකු ඔබට හිරිහැර කිරීමට සැරසෙන්නේනම් කුමක් කළ යුතුද?

විශේෂඥ උපදේශය:  වහාම කුස්සියට දුවන්න. මිරිස් කුඩු සහ කහ කුඩු ඇත්තේ කොතනදැයි නිවැරදිව දන්නේ ඔබ පමණකි. පිඟන් සහ පිහි තබා ඇත්තේ කොහිදැයි දන්නේ ඔබ පමණකි. මේ සියල්ල මාරක ආයුධ ලෙස යොදාගැනීමට හැකිය. වෙනත් කිසිවක් කළ නොහැකිනම්, පිඟන් කෝප්ප එහාට මෙහාට විසි කරන්න. ඔහේ කැඩුනාවේ. හයියෙන් කෑ ගසන්න. සතුරා අකමැති‍ම දේ හඬනැගීමයි.

3)    රාත්‍රී කාලයේදී ටැක්සියක හො ත්‍රිරෝද රථයක යාමට සිදු වුවහොත් ඔබට ගතහැකි ආරක්ෂක පියවරයන් මොනවාද?


විශේෂඥ උපදේශය:  වාහනයට ගොඩවීමට පෙර එහි ලියාපදිංචි අංකය, වාහනයේ පාට, වර්ගය ආදිය බලා මතක තබාගන්න. වාහනයට ගොඩ වූ විගස, ඔබගේ ගමනාන්තය රියැදුරුට දන්වා ඔබේ මොබයිල් ෆෝන් එක අතට ගෙන කවර හෝ හිතවතකුගේ (ස්වාමියාගේ, දරුවකුගේ, මිතුරකුගේ, මිතුරියකගේ, ඥාතියකුගේ) අංකය අමතා “මං දැන් රතු පාට ත්‍රී වීලර් එකක නැගලා අසවල් තැනින් බහිනවා, මාව ගන්න එන්න, ත්‍රී වීලර් එකේ නොම්බරේ මේකයි” ආදී වශයෙන් ඔබ ගමන් ගන්නා රථය ගැන හැඳින්වීමක් කරන්න. ඔබ අතේ මොබයිල් ‍‍ෆෝන් එකක් නැත්නම් නිකම්ම අත කනේ තියාගෙන කතා කළත් කමක් නෑ. ඔබ අමතනු ලබන තැනැත්තා කතා නොකළත් කමක් නෑ. ඔබ එනතුරු ඥාතියාට ගමනාන්තයේ සිටින ලෙස දැන්වූ බව සහ ඔබ එන රථය ඥාතියාට දැනුම් දී ඇති බව රියැදුරුට  හඟවන්න.

4)    රියැදුරා වාහනය නොයා යුතු පාරකට හැරවූවොත් ඔබ කරන්නේ කුමක්ද?

විශේෂඥ උපදේශය:  ඔබගේ අත් බෑගයේ හැන්ඩලය හෝ සාරි පොට හෝ ඔසරි පොට රියැදුරුගේ බෙල්ලට තබා පිටුපසට අදින්න. (නිසැකවම ඔබ වාඩි වී සිටින්නේ රියැදුරුට පිටුපසින් කියා සිතමි.) ඔබ අත අත් බෑගයක් නැතිනම්, ඔබ සාරියක් හෝ ඔසරියක් හෝ පංජාබි සූට් එකක් ඇඳ නැතිනම්, රියැදුරුගේ කමිස කොළරයෙන් තදින් අදින්න. ඔහුගේ කමිසයේ උඩ ‍බොත්තම අවශ්‍ය කාර්යය ඉටු කරනු ඇත.

5)    කවරකු හෝ ඔබව ෆලෝ කරන බව පෙනී ගියහොත් ඔබ කළ යුත්තේ කුමක්ද?

විශේෂඥ උපදේශය:  වහාම සාප්පුවකට හෝ නිවසකට ගොඩ වැදී ඔබට ඇති වූ සැකය ගැන විස්තර කරන්න. විවෘත නිවසක් හෝ සාප්පුවක් නොමැතිනම්, ටෙලර් යන්ත්‍රයක් වුවත් කම් නැත. (ඒවායේ සෙකියුරිටි ගාඩ්ලා සිටිති. සීසීටීවී යන්ත්‍ර ද තිබේ)

7)    සෑම විටම අවදියෙන් ඉන්න. (ඇලට් එකේ ඉන්න.)


(8) මෙය කලින් කියවා ඇත්නම් හෝ නැත්නම්, මේ ගැන තව තවත් අය දැනුවත් කරන්න.

10 comments:

  1. වෙබ් අඩවි වාරණය නිසා ඔබ විසින් ගේම ඉල්ලා ඇති බව ප්‍රකාශ කර ඇත. මොකටද ගේම ඉල්ලන්නේ? ගේ කාගේද? ගෙයක් සහ වෙබ් අඩවි වාරණය අතර ඇති සම්බන්ධය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ගේම ඉල්ලන්නේ නැතිව ගෙයින් කැල්ලක් ඉල්ලන්න කියලද ඔබ කියන්නෙ? කරුණාකරල ඒ ලින්ක් එක ක්ලික් කරල බලන්න. ගේම ඉල්ලන්නෙ ඇයි කියල ඔබට වැටහේවි.

      ඔබ ඇනෝ කෙනෙක් නිසා, ගේම ඉල්ලනවා යනුවෙන් හඳුන්වන්නේ කුමක්දැයි කියා කියාදෙන්නට මහන්සි නොවෙමි.

      Delete
  2. දැන් කෙල්ලොන්ගේ ඇක්ෂන් දන්න නිසා. කොල්ලන්ට එ ගැන සේෆ්ටි ප්‍රිකෝෂන්ස් ගන්න ලේසියි..

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කාරණය ඇත්ත. ඒත් මේක ප්‍රසිද්ධියේ නොකියා කෙල්ලන්ට විතරක් දැනුම් දෙන්න ක්‍රමයක් ඇත්තේත් නෑ.
      හැබැයි මං හිතන්නෙ නෑ අදාළ දුෂ්ටයින් මේ බ්ලොග් එක කියවයි කියලනම්.

      Delete
  3. කෝ යකෝ මගේ 2013/04/08 11.32 කමෙන්ට් එකට උත්තර? නපුංසකයෝ.

    ReplyDelete
    Replies
    1. එහෙම කමෙන්ට් එකක් මට ලැබුනෙ නෑ යකෝ නපුංසකයො.
      (ඇනෝ කමෙන්ට් එකක් දානකොට කමෙන්ට් එකේ අගට මේ විදිහට තමන්ගෙ නම ලියනවනම් වඩා පහසුයි.)

      ඔය කමෙන්ට් එක දැම්ම පෝස්ට් එක මොකක්ද?

      Delete
  4. උපදෙස් මාලාව ඉතා අගනේය,මේ සියල්ල අපගේ සහෝදරියන් සමහරවිට දැනටමත් දන්නවා ඇත, ඒ වගේම අනිත් අයටද කියා දෙනවාත් ඇත, ඒත් කරුමය නම් මේ ගෑණුන්ට යම් කරදරයක් සිදු වනවිට මේ සියල්ල අමතක් වීමයි, මේ ගැන උපදෙස් දෙන ගෑනුන්ද මෙවැනි වෙලාවට කරන්නේ හොටු පෙරමින් ඇඩීමයි.

    ReplyDelete
  5. ඔබ කියන කාරණයේ සත්‍යයක් ඇත. එහෙත්, සියළුම ගෑනු එසේ සියල්ල අමතක කර හොටු පෙරමින් අඬන උන් නොවන බව මගේ මතයයි. එමෙන්ම, එසේ අඬන ගෑනු වුවත් එම තත්වයෙන් මුදවාගැනීමට උත්සාහ කළ යුතු බවද මම විශ්වාස කරමි.

    ReplyDelete
  6. ලින්ක් එක වැඩ කරන්නේ නැහැ. ඔරිජිනල් ලින්ක් එක දෙන්න. එතකොට ප්‍රොක්සියකින් අපිට යන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. සමා වෙන්න. එයට යමක් සිදු වී ඇත. දැනට ලින්ක් එක සොයාගැනීමට අපහසුයි.

      Delete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.