2013-01-31

මාලිගාවත්තේ ෂරියා නීතිය?



ෆේස් බුක් එකත් එක්කලා බ්ලොග් එකකින් හැප්පෙනව කියන්නෙ ඊශ්‍රායලෙයි දඹානයි හැප්පෙනව වගේ වැඩක් තමයි. ඒ වුනත්, එකෙකුට හරි මොලේ පෑදෙයිද කියල බලමුකො.

මෙන්න මේ ලිපිය දැක්කද?

දැක්කෙ නැත්තන් බලන්න එපා, අවශ්‍ය කොටස් මෙතන තියනවා.  මේ හයිලයිට් කරල තියෙන්නෙ ඒ ලිපියේ කොටස්.

කොළඹ මාලිගාවත්ත තුල ෂරියා නීතිය ක්‍රියාත්මක වන බව ඔබ දන්නවද? කොළඹ මාලිගාවත්තේ දිනෙන් දින කුඩා මුස්ලිම් ජිහාඩ් පාතාල කල්ලි හිස ඔසවන බව ඔබ දන්නවද?

යම් යම් ප්‍රාදේශීය ඒකක තුළ යම් කල්ලි නායකයන්ගෙ නීති ක්‍රියාත්මක වුන අවස්ථා තියනවා. 2002 විතර ඉඳලා 2009 වගේ වෙනකන් සමහර පළාත් වල ක්‍රියාත්මක වුනේ පිරිබාකරන්ගෙ නීතියයි. 88 - 89 කාලෙ දකුණු පළාතෙ බොහෝ ප්‍රදේශවල සහ වෙනත් පළාත් වලත් ක්‍රියාත්මක වුනේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නමින් හඳුන්වාගත් සංවිධානයක නීතියයි. මේ නීති ක්‍රියාත්මක වුනේ ආණ්ඩුවේ නීතියට අතිරේකවයි. සමහර අවස්ථාවන්හිදී මේ නීති පද්ධති දෙක අතර ගැටුම් ඇති නොවු‍නා නොවේ.

මාලිගාවත්තේ ජීවත් වන අය අද අත්දකින තත්වයක් ගැන මාලිගාවත්තෙන් පිටත සිට අපට දකින්නට නොහැකියි. එහෙත්, මාලිගාවත්තේ ජීවත් වන්නන් යම් නීතියකට අකැමැතිනම්  ඔවුන් විසින් එය යම් ආකාරයකින් ඉස්මතු කළ යුතුව ඇත.

ෂේක්‌ පරීඩ් මොහොමඩ් ෆාසීල් නොහොත් ෆාජි, කුඩුනූර්, අයුබ් ඛාන්, මාස්‌ටර් ඉමිටියාස්‌, ඉන්ටිකාබ්, ලීමෝලවත්තේ රිස්‌වාන්, අම්බට්‌ටා ෆසාල්, මලබාර් රිල්වාන්, බයියා, නවුෂාඩ්, මංජල් අක්‍රම්, ඩොන්, සිරාස්‌, පප්පා, ආනමාලු ඉමිටියාස්‌, දිගා ෆයිසර්, රාජාබ්දීන්, ඔජීර්, එලී, ටෝජි, අච්චා, නවුසර් ෆවුම් වැනි ප්‍රසිද්ද මුස්ලිම් පාතාල සාමජිකයන් (මොඋන් ගෙන් සමහරක් මියගොස්ය) ගේ යටතේ අතකොළුවන් සේ සිටි පිරිස් කිහිපයක් දැනට කුඩා ජිහාඩ් කණ්ඩායම් ලෙස මාලිගාවත්ත සහ ඒ අවට ක්‍රියාත්මක වෙයි.

මොඋන් (=මොවුන්)ගෙන් සමහරක් මිය ගොස් කියා කීම වැරදිය. ඔවුන් මිය යන්නට පෙර මරාදමනු ලැබ ඇත. තවත් ගෝලබාලයන් සිටියහොත් එවුනටද අත් වන්නේ එම ඉරණමමය. මේවා හෙළිදරව් නොකර වහෙන් ඔරෝ ලියන්නේ කාගේ වාසියටද?

 මොඋන් කප්පම් ගැනීම සහ නොයෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම් සහ ෂරියා නමැති මිලේජ්ජ නීතිය රට තුල ක්‍රියාකරන බවයි. 

මේ වාක්‍යයනම් සිංහල නොවේ. එය ලියා ඇත්තේ සිංහල දන්නා අයකු විසින් නොවන බවත් පෙනේ. ෂරියා නමැති ම්ලේච්ඡ නීතිය (මිලේජ්ජ නොවේ) යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? ඇත්ත වශයෙන්ම ෂරියා නීතිය කියා නීතියක් නොමැත. ෂරියා යනුවෙන් අරාබි බසින් හඳුන්වනු ලබන්නේ ආගමානුකූලව පිළිපැදිය යුතු   දේවල්ය. 

Sharīʿah, also spelled Sharia,  the fundamental religious concept of Islam, namely its law, systematized during the 2nd and 3rd centuries of the Muslim era (8th–9th centuries ce).
Total and unqualified submission to the will of Allah (God) is the fundamental tenet of Islam: Islamic law is therefore the expression of Allah’s command for Muslim society and, in application, constitutes a system of duties that are incumbent upon a Muslim by virtue of his religious belief. Known as the Sharīʿah (literally, “the path leading to the watering place”), the law constitutes a divinely ordained path of conduct that ... 


Noun1.shariah - the code of law derived from the Koran and from the teachings and example of Mohammed; "sharia is only applicable to Muslims"; "under Islamic law there is no separation of church and state"

 නමුදු රජයේ වගකිව යුතු නිලධාරීන් මේ පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ එම ප්‍රදේශය සඳහා බැල්මක් යොදාගෙන ඉන්නා මුස්ලිම් දේශ (නීති) පාලුවෙක් නිසාය.

 මේ තත්වය නම් බොහෝ පළාත්වල අත්දැකීමට හැකි සැබෑවකි.

මෙහි සබැ තත්ත්වය එසේ වන අතරේ මෑතකදී මාලිගාවත්ත ප්‍රදේශයේ විහාරස්‌ථානයක්‌ ඉලක්‌ක කර ගනිමින් සියලු ආගමික හා සමාජ කටයුතු වහාම නතර කරන ලෙස දන්වා ජිහාඩ් නමැති මුස්‌ලිම් මූලධර්මවාදී නාමය සඳහන් ලිපි ශීර්ෂයක්‌ යටතේ නායක හිමියන්ට තර්ජනාත්මක ලිපියක්‌ ලැබී තිබුණේ මාලිගාවත්ත පාතාලය තුළ ජිහාඩ් සංකල්පය ක්‍රියාත්මක බවට කදිම නිදසුනක්‌ එක්‌ කරමිනි. මේ පිළිබඳව වඩාත් විමසිල්ලෙන් සිටි අපිට වැදගත් තොරතුරක් පසුගිය දිනෙක ලැබුණි. ප්‍රමාණවත් ශාක්ෂි මදි කමින් අප තවත් කරන එකතු කලද අද එය සාක්ෂි සහිතව අප විමර්ශන කණ්ඩායම ඉදිරියේ ඔප්පු විය.


සාක්ෂි සහිතව ඔප්පු වූ දෙයක් ඇත්නම් එය ප්‍රසිද්ධ කිරීම වඩාත්ම හොඳ ක්‍රමයයි. අඩු වශයෙන් මාලිගාවත්ත ප්‍රදේශයේ විහාරස්ථානය කියන එකේ නම සහ නායක හිමියන්ගේ නම පළ කිරීමට අපහසුතාවක් තිබිය නොහැකිය.
 

පසුගිය දිනක මෙම මාලිගාවත්ත ප්‍රදේශයේ මුස්ලිම් කොලනියක් තුල ඇති පල්ලි භුමියක් තුල සිංහල කාන්තාවක් ඉතා අමානුෂික ලෙස ගල්මුල් වලින් පහරදීපු අවස්ථාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ එම පහර දීමට හේතුව වශයෙන් හඳුන්වන්නේ එම එම කාන්තාව සිය මුස්ලිම් සැමියා සමග ලිංගිකව එක්වීම ප්‍රතික්ෂේප කිරීමයි. ඉතා දැඩි ලෙස තුවාල ලැබූ ඇය රෝහල් ගතවී නැත්තේ මරණ බිය නිසාය. අදටත් එම කාන්තාව තුවාල කැළැල් සහිතව මාලිගාවත්ත ප්‍රදේශයේ සිටින බව මෙම තොරතුරු පසුපස හඹා ගිය අප විශේෂ විමර්ශන අංශය තහවුරු කරගත්තේය. ජයාරූප ගැනීමට හැකියාවක් නොතිබුණි. මෙම අන්තවාදී ජිහාඩ් පල්ලිය සොයා යාමෙදේ එම ප්‍රෙදේශයේ මුස්ලිම් මැරයන පිරිසක් තර්ජනාත්මක ලෙස අපට එම ප්‍රදේශයෙන් ඉවත්වීමට පැවසු නිසා අප හට පසුබැසීමට සිදුවූයේ අප අද පහරදෙමකට සුදානම් නොවී පැමිණි නිසාය. එනමුත් මෙම මුස්ලිම් පල්ලියේ ක්‍රියාකාරකමක් සිදු වෙන දිනක අප කණ්ඩායම සිදුවන දෙයකට මුහුණදීමට පෙර සුදානම ඇතිව වැටලීමට අදහස් කරගෙන සිටි. මේ අනුව ලංකාවේ ඉතා රහසිගත ලෙස ෂරිය නීතිය ක්‍රියාත්මක කිරීමක් සිදු වෙමින් පවතී. මෙය කෙසේ හෝ අනාවරණය උවත් මීට පෙර සහ අනාගතයේ මෙවැනි සිදුවීම් අනන්තවත් සිදුවීමේ හැකියාවක් ඇත. මෙම කරුණු අතර හම්බයන් විවාහ කරගන්නා සිංහල කාන්තාවන්ට මෙවැනි සිදුවීම් වලට අනාගතේ මුහුණදීමට බලපොරෝතුවෙන් තමුන්ගේ මංගල කටයුතු සාර්ථකව කරගන්නා ලෙස ඉල්ලමි.



දිනෙන් දින හිස ඔසවන මාලිගාවත්තේ මුස්ලිම් ජිහාඩ් ක්‍රියාකාරකම් සහ ෂරිය නීතිය, ෂරියා නීතිය අදටත් මෙම ලිපිය කියවන මොහොතේත් දළු ලා වැඩෙමින් හොර රහසේ කොළඹ මාලිගාවත්තේ ක්‍රියාත්මකවේ. අප වෙත ඒවා තිබු ලිපියක් අනුව අද අප සිදුකල පොඋද්ගලික ගවේෂණයක් අනුව මෙම ලිපිය සකස් වී ඇත.



මාලිගාවත්ත ගැන නැවතත් අවදියෙන් සිටීමට සියලු සිංහල සංවිධාන වලට කාලය එළඹ තිබේ. අපි දැන් අවදියෙන්. මුස්ලිම් ජිහාදය ලංකාවෙන් තුරන් කරමු.



සැකසුම : අන්තර්ජාල බෞද්ධ සම්මේලනය විශේෂ විමර්ශන අංශය

මේ දිනවල පාතාල කණ්ඩායම් වලට අති දැවැන්ත මර්ධනයක් දියත් වී ඇති බව ප්‍රසිද්ධ කාරණයකි. මේ මර්ධනය හමුවේ දිව‍යිනේ නමගිය අපරාධකරුවන් ගණනාවක් මරු වැළඳගෙන ඇත. අන්තර්ජාල ‍බෞද්ධ සම්මේලනයේ විශේෂ විමර්ශන අංශය කියන ආකාරයට අපට හැඟී යන්නේ මර්ධනය වී ඇති ජිහාඩ් නොවන අපරාධකරුවන් අතින් ජිහාඩ් යැයි කියනු ලබන අපරාධ කරුවන් මැඬලීම නිසා සමාජයට ඉමහත් සෙතක් සැළසුනු බවද?

ඉහත ලිපියේ සඳහන් කතන්දර වැනි ඒවා කොතෙකුත් ලිවීමට අපටද හැකිය. එහෙත්, සමාජය ප්‍රකෝප කරවා ගැටුම් නිර්මාණය කරවා රට ජාතිය වනසන්නට ඉඩ නොදීම කාගේත් යුතුකමකි. පේන කියන්නා සේ අහවල් අවුරුද්දේ ලංකාවේ බහුතරය මුස්ලිමුන් වන බවත් එදින සිට මෙරට පාලනය කරන්නේ මුස්ලිමුන් බවත් කීම තර්කානුකූල නැත.

මේ තර්ක දැනට මුස්ලිමුන්ට විරුද්ධවත් යම් දිනක මුස්ලිමුන් මෙරටින් තුරන් වුවහොත් එදින සිට තවත් කාට හෝ විරුද්ධවත් භාවිතා කළ හැකිය. ඉහත ලිපිය ලියූ අයගේ අවශ්‍යතාව අනුව තවත් යම් පුද්ගලයකු හෝ ව්‍යාපාරයක් අතුගා දැමීමට තීරණය වුවහොත් එදින සිට ඒ පුද්ගලයා හෝ ව්‍යාපාරය රහසිගතව සමාජවිරොධී කටයුතු කරන බව කියමින් (ඔප්පු කිරීමක් නොමැතිවම) තප්පුලන්නට පටන් ගනු නිසැකය.

කල්පනාකාරී වන්න.

2013-01-26

ක්ලිටෝරිස් සහ ක‍ටරොළු මල් (18+ පමණයි)

මේ පින්තූර වලින් පෙනෙන්නෙ අපේ ර‍ටේ හැදෙන ලස්සන මලක්. ඒකට අපි කියන්නෙ කටරොළු මල් කියලයි. මේ කටරොළු මල් වලට ඉංගිරිසියෙන් කියන්නෙ මොකක්ද කියල දන්නවද? ඒ නම තමයි, Clitoria



මේ ක්ලිටෝරියා කියන නම හැදුනේ කටරොළු කියන වචනයෙන්ද?
හැබැයි කටරොළු කියන වචනය හැදුනෙ ක්‍ලිටෝරියා කියන වචනයෙන් කියලනම් කියන්න එපා. මං එහෙම කියන්නෙ, සීගිරියේ කැටපත් පවුරෙ තියන එක්තරා කුරුටු ගීයක තියනවා "කට්රොල් මල්" කියන වචන. ඒක ලිව්වෙ සුද්දෙක්වත්ද?

එතකොට ක්ලිටෝරියා කියන වචනයෙන් "ක්ලිටෝරිස්" කියන වචනය හැදුනද, නැත්නම් ඒකෙ විරුද්ධ පැත්තට වුනාද කියල කියන්න මමනම් දන්නෙ නෑ. කොහොම වුනත් ඒ දෙකම බොහෝ දුරට එක වගේ නේද?

2013-01-25

දෛවෝපගත සිදුවීමක් Panaga Beach Shelter Fatality



 
සිදු වූයේ කුමක්ද?
What happened
පසුගිය ජනවාරි 11 සිකුරාදා සන්ධ්‍යාවේ ආසන්න වශයෙන් පස්වරු 7.39ට බෲනායිහි බිලේට් දිස්ත්‍රික්කයේ පැනමා බීච් නිවාඩු ‍නිකේතන පරිශ්‍රයේදී මෙය සිදුවිය. ලන්දේසි ජන කණ්ඩායමකගේ රැස්වීමකින් අනතුරුව මීටර් 5ක් දිග සෙන්ටි මීටර් 38ක විෂ්කම්භයක් ඇති කිලෝග්‍රෑම් 590ක බරකින් යුත් ලී කොටයක් මත ළමුන් 4දෙනකු සිටගෙන සිටියහ. මෙම කොටය අර්ධ වශයෙන් වැල්ලෙන් යට වී වරින් වර නැගෙන මුහුදු රළෙන් මතුපිට පෑදී  තිබිනි. වැල්ලේ හිර වී තිබුනු මෙම කොටය ස්ථාවරව තිබුනේය. තරමක් ලොකු මුහුදු රළක් වෙරළට එත්ම බලාපොරොත්තු රහිතව මෙම කොටය පාවෙන්නට පටන් ගති. ළමුන් තිදෙනකුට පිටුපසට පැනගැනීමට හැකි වූ අතර එක් දරුවකු ඉදිරිපසට, එනම් මුහුද පැත්තට වැටුනි. රළ පහර ආපසු යනවාත් සමගම ‍පාවෙමින් පැවැති කොටය එම දරුවා මතින් මුහුද දෙසට ඇදුනි. වහාම දරුවා ගලවාගෙන ප්‍රතිකාර කළ නමුත් කොටය හිසේ වැදීමෙන් ඇති වූ බරපතල තුවාල හේතුවෙන් දරුවා අවාසනාවන්ත ලෙස මරණයට පත් විය.

එසේ වූයේ ඇයි?
Why it happened
සිදුවීමට බලපෑ ආසන්නතම හේතු
_ දරුවාට උඩින් ඇදී ගිය කොටයේ බර සහ ඉන් වැදුනු පහර
_ තෙත් වැල්ලෙන් මිදී ගිය කො‍ටයේ ක්ෂණික චලනය සහ බැසගෙන ගිය රළෙහි ගම්‍යතාව

සිදුවීමට බල පෑ මූලික හේතු
_ මුහුදු වෙරළේ තෙත් වැල්ලෙහි හිර වී ඇති කොටයක් හදිසියේ පාවෙන්නට පටන්ගැනීම හා දෛවෝපගත සිදුවීමකට මුල් විය හැකි බවට ජනතාව තුළ ඇති අනවබෝධය සහ අපරික්ෂාකාරී බව


උගත් පාඩම්
Lessons learned
මුහුදු රළ සමග වෙරළේ රැඳී ඇති කොටයක් පාවී ගොස් මරණීය අනතුරු සිදුකළ හැකි තත්වයට පත්විය හැකි බව දැන සිටිය යුතුය.
හොඳින් තැන්පත් වී ඇති බව සහ ඉතා බර බව පෙනී ගියත් වෙරළේ ඇති ‍ලී කොට මත නොනැගිය යුතුය. ඉතා කුඩා රළ පහරකින් පවා ඒවා පෙරළි යාමට ඉඩ ඇත.

අති විශාල ලී කොටයක් වුවත් ඇ‍දගෙන ගොස් පෙරළා දැමීමට තරම් මහ මුහුද ශක්තිමත්ය. ඉතා කුඩාවට පෙනෙන ලී කොටයක් වුවත් දිය බත් වීමෙන් ටොන් ගණනක් බර එකක් වීමට ඉඩ ඇත.

මුහුදු වෙරළේ ඇති ලී කොට වලින් ඈත් වී සිටින්න. ළඟටවත් යන්න එපා.

අතිශය නිරුපද්‍රිත නිශ්චල පරිසරයක් පැවැතියත් මුහුදු වෙරළේදී ඉතා විමසිළිමත්ව සිටින්න.


Panaga Beach Shelter Fatality 
 Target audience for this alert
This alert is aimed at Families who spend their leisure time at the beach or know of friends who spend their time at the beach. 
 What happened
On the evening of Friday January 11th at approximately 7:39pm an incident occurred at the Panaga Beach shelter area, Belait District, Brunei.  Following a gathering hosted by the
Dutch community on Panaga  beach, 4 children were standing on a 5 meter long, 38cm diameter, 590 kg log.  The log was partially buried in wet sand that was being splashed by the incoming tide.  At this point the log was stuck in the sand and stable.  As more water came in, the log gained sufficient buoyancy to float unexpectedly.  Three of the children jumped backwards off the log in the direction of the beach shelter, the fourth child slipped or jumped and fell forwards off the log, sea wards. The receding sea carried the log over the child.  Despite immediate rescue and resuscitation efforts the child tragically passed away as a result of multiple traumas including serious head injuries caused by the force of the moving log.
Why it happened
The immediate causes of the incident;
 Impact and weight of the log rolling over the child
 Sudden movement of the log due to its release from the wet sand and the momentum of the receding wave
Underlying causes of the incident
 Knowledge and appreciation was missing within the Panaga community with respect to the hazard and potential consequences of being on or near logs stuck in wet sand because they can and will suddenly become buoyant and lethal with an incoming tide.
 Lessons learned
 Be aware of the risk of logs in wet sand because they can and will suddenly become buoyant and lethal with an incoming tide.
  Do not climb up onto logs on the beach. While they look heavy and sturdy when climbing on them, the smallest wave will roll it over you or a child. 
  The ocean is strong enough to pick up even the biggest log and plop it down on top of you. Some logs may look small, but even the tiny ones can be waterlogged and weigh tons.
  How to play it safe: If you see a log in the surf, on or in wet sand, stay off it and away from it.
  Beach safety can often be overlooked; eye witnesses interviewed stated that their perception was of a very benign environment at the time of the incident
 Further details can be obtained from Oregon beach safety website
www.visittheoregoncoast.com/beach-safety
 Further information
Ken Marnoch MD Brunei Shell Petroleum can be contact for more incident details or more information regarding the lessons learned or actions required.

2013-01-23

මූනු පොතෙන් සාසනේ බේරාගැනීම




Add caption
මේක දැකලානම් මට මල පැන්නේය. මේ කාලකන්නින්ට පුදුම කැක්කුමක් හැදිල තියෙන්නෙ.

2013-01-19

සවුදියේදී බුදුන් වැඳීමත් දඬුවම් ලැබිය යුතු වරදක් වෙලාද?

පසුගිය සති දෙක පුරාම මාධ්‍ය පිරිල තිබුනේ සවුදියේදී මරණීය දණ්ඩනයට ලක්කළ ශ්‍රී ලාංකික දියණිය රිසානා ගැනයි. මේ අතර වාරයේදී මොබයිල්මෑන්ට ආපු ඊ මේල් එකකින් කියැවුනේ ප්‍රේමසිරි පෙරේරලාගේ තුංගසිරි නැමැති තවත් ශ්‍රී ලාංකිකයකු සිරගත කර ඇත්තේ බුදුන් වැඳීම නිසා බවයි. ඔහු නිදහස් කරන ලෙස ඉල්ලන පෙත්සමක් අත්සන් කරන්නයි ඉල්ලලා තිබුනේ.

පෙත්සමට මේ මොහොත වන විට අත්සන් 2,252ක් අඩු බව සටහන් වෙලා තිබුනු නිසා, මොබයිල්මෑන් තීරණය කළ වහාම පෙත්සම අත්සන් කරන්නට. ඒ වුනත්, තවමත් මොබයිල්මෑන්ට අපහසුයි මේ කතාව ඇත්තක් කියල පිළිගන්න. ඔයාලත් ඔය ලින්ක් එක ක්ලික් කරල ඒ පෙත්සමට අත්සනක් දාන්න.

ඒ අතරෙදි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියනවලු මේ අත්අඩංගුවට ගැනීම සිද්ද වුනේ බුදුන් වැඳීම නිසා නෙවෙයි, ප්‍රසිද්ධ ස්ථානයකදී කවුද කාන්තාවකට මාලයක් විකිණූ නිසාය කියලා. එහෙම දේකට සවුදිය වගේ රටකදී අත්අඩංගුවට ගැනීමක් සිද්ද වෙන්න ඉඩ තියනව කියල හිතන්න පුළුවනි, රිසානාගෙ නඩුව අහපු හැටි කියවල බැලුවහම.

ඒත්, සවුදියේ මේ බ්ලොග් එක කියවන අයත් ඉන්න ඉඩ ඇති නිසා මෙහෙම ලියන්න හිතුවෙ, පොඩ්ඩක් ඇත්ත තත්වය හොයල බලන්නට කියල කියන්නයි.

කොහොම වුනත්, මේක හරියන මගුලක් නෙවෙයි. මටනම් මාසෙකට රුපියල් මිලියන් එකක පඩියක් දෙනව කිව්වත්, සවුදියටනම් යන්නෙ නෑ නෑ නෑමයි.

කැසිල්ල



2013-01-17

කාගෙද වැරැද්ද,ආණ්ඩුවේද?

ලයිසන් ගත්තට මොලේ නැත්තං




මේ උඩින් තියන බෝඩ් එක නුගේගොඩ පොදු වෙළඳ ‍පොලේ කුණු දමන ස්ථානයේ ප්‍රදර්ශනය කෙරේ. එහි සඳහන් වන්නේ සියළුම කුණු පෙරවරු 8.30ට පෙර හෝ පස්වරු 6.00න් පසුව පමණක් මෙම ස්ථානයට බෑග් වල බහා ගෙනත් දමන ලෙසයි.

මා ඡායාරූපය ගත්තේ සඳුදා පස්වරු දෙකට ආසන්න වූ වේලාවකදීය.

2013-01-14

රිසානාට මරණ දඬුවම - කැකිල්ලේ රජුට අපාය



පසුගිය දවස් දෙක තුන ඇතුළත අපේ බ්ලොග් රචකයන් බොහෝ දෙනකුගේ මාතෘකාව වී තිබුනේ රිසානා නෆීක් නමැති දැරිය ගෙල සිඳ මරණයට පත් කරනු ලැබීමයි. බොහෝ දෙනකු තුළ දැවැන්ත කම්පනයක් ඇති කළ මේ සිදුවීම සවුදි අරාබියානු රාජාණ්ඩුවේ ම්ලේච්ඡත්වය ලොවට කියා පෑවේය.


මේ සිද්ධිය පිළිබඳ පුවත සැළවෙත්ම මගේ සිහියට නැගුණේ ශ්‍රී වික්‍රම රාජසිංහ රාජාණ්ඩුව යටතේ ගෙල සිඳලූ මද්දුම බණ්ඩාර කුමරුවා පිළිබඳ කතා පුවතයි. කෙසේ වුවත්, පසුගිය සතියේ ඇති වූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳ ශෝකය පළ කිරීමෙන් පලක් ඇති බව නොපෙනෙන හෙයින් මේ පෝස්ට් එකට අත ගැහුවේ රිසානාගේ මරණය හරහා දැන් කරළියට පැමිණ ඇති ප්‍රස්තූතයන් කිහිපයක් ගැන පොඩි කතා බහක යෙදීමට අදහස් කරගෙනයි.


රිසානා නෆීක් කුමරිය පවුලක බර කරට ‍ගත් දැරියක් බව විවිධ මාධ්‍ය ඔස්සේ දැනගන්නට ලැබිනි. ලංකාවේ ඇති රෝම ලන්දේසි නීතියට සරදම් කරමින් (පසුකාලයේදී නීතියට කොටු වූ බව කියැවෙන) කවුදෝ පෙරේතයකු විසින් එම ලා බාල දැරිය සවුදි අරාබියාවට යවා ඇත්තේ අවුරුදු පහකටත් වඩා ඇයගේ වයස අඩු කරමින් සාදවන ලද විදේශ ගමන් බලපත්‍රයක් යොදාගනිමිනි. (ඒ බලපත්‍රය නිකුත් කරන්නට සම්මාදම් වූ එවුන්ටත් මේ සාපය වදීවා!)

රජාටවත් වෙනස් කළ නොහැකි සවුදි රාජාණ්ඩුවේ ම්ලේච්ඡ නීතිය
සවුදි අරාබියානු රාජ්‍යයේ නීතිය අනුව ගන්නා ලද තීන්දු කිසිවකුට වෙනස් කළ නොහැකි බව කියැවේ. වනචාරී ගතිය කෙසේ වුවත්, මේ තත්වය නම් ආදර්ශයට ගත යුත්තකි. අපේ රටේ ප්‍රජාතත්නතවාදයට වඩා එම ලක්ෂණය මානව වර්ගයාගේ පැවැත්මට හිතකරය.

එහෙත්, එම නීතිය (මෙය ශරියා නීතිය ලෙස සමහරු හඳුන්වති.) ශිෂ්ට සමාජයකට කිසි සේත්ම නොගැලපෙන වනචාරී නීතියක් බව පෙනෙන්නේ රිසානා මරණයට පත් කළ නිසාම නොවේ. වරදකරුවන්ගේ අත පය කපා දමන නීති ලංකාවටත් හඳුන්වා දිය යුතු බව කියන අමනයෝද මෙරට සිටිති. ලංකාවටත් රාජාණ්ඩුවක් අවශ්‍ය බව කියන්නන්ද මට හමු වී ඇත. සූරිය ගුණසේකර වැන්නවුන් කෙසේ වර්ණනා කළත් නීති රීති සහ ඒවා ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් නම් ලංකාවේ පවා රාජාණ්ඩු සමයේ පැවතුනායැයි කියැවෙන තත්වයද එතරම් සුබදායී නැත.

වළගම්බා රජු කිසියම් අවස්ථාවකදී සැඩ පහරකට ගොදුරුව දියේ ගසාගෙන යද්දී, මනුස්සයෙක් ග‍ඟ දිගේ ගසාගෙන යනවා දුටු යම් අයකු විසින් අසීරු ප්‍රයත්නයකින් රජු මරණයෙන් බේරාගත් පසුව රජාගේ ශ්‍රී දේහයට අත තැබිමේ වරදට හිස් ගැසුම් කන්නට සිදු වී ඇති බවක් ජනවහරේ එයි. ගහගෙන ගියේ රජ්ජුරුවන් බව දන්නේ නම් නිසැකවම ඔහේ ගහගෙන යන්නට ඉඩ හරින්නට තිබුනු නමුත් ගැමියාගේ හදවත ඊට ඉඩක් ලබා දී නැත.

සවුදි නීතිය අතිශයින් දරුණු බව කියැවේ. ඒ කතාවන්ගේ සත්‍යතාවය දැන් තහවුරු වී හමාරය. රිසානා විසින් සිදු කර ඇත්තේ අනියම් මිනී මැරුමකි. ශිෂ්ට සමාජයකනම් නීතිය ය‍ටතේ අනියම් මිනී මැරුමකට ලබා දෙන දඬුවම නියම මිනී මැරුමකට දෙන දඬුවමට වඩා හාත්පසින්ම වෙනස් එකකි. මේ නීතිය සම්බන්ධයෙන් විවිධ අර්ථ කථනයන් දක්නට ලැබුනද, සවුදි අරාබියාව තවමත් ශීලාචාර මනුෂ්‍යයන්ට වාසය සඳහා සුදුසු ස්ථානයක් නොවන බව සක්සුදක් සේ පැහැදිලි කරුණකි.

නිතර උණුසුම් පුවත් කියා නොයෙකුත් කතන්දර ගෙන එන හොට් ඇන්ඩ් ෆාස්ට් වෙබ් අඩවියෙන් පහත කොටස් උපු‍ටා ගත්තෙමි. (ලින්ක් යොදා ඇත).







සවුදියේ නොදියුණුකම

හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් අඩවියේම පළ වූ පහත දැක්වෙන කතාවනම්, එය කියන්නා ‍ගැන එතරම් පැහැදීමක් නොතිබුනු නමුත් මගේ හිතට අල්ලන කතාවකි.

ළදරුවෙකු ඝාතනය කිරීමේ චෝදනාව පිට සෞදි අරාබියේදී බන්ධනාගාරගතව සිටි ශී‍්‍ර ලාංකිකබාලවයස්කාර දැරියක් වූ රිසානා නෆීක්ට එරට රජය මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් මෙරට රජයසම්පූර්ණයෙන්ම වගකිවයුතු බව රත්නපුර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා පවසනවා.‘නබිනායකවරයා ලෝකයට හොඳදෙයක් දේශනා කළ ආගමික නායකයෙක්. ඔහු දෙසුව ධර්මය විකෘති කරගෙන තමන්ගේ වාසියට හරවාගෙනසෞදි අරාබිය පාවිච්චි කරනවා. නබිනායකවරයා හැමදාම දේශනා කළේ වහල් සේවයට විරුද්ධවයි. එතුමා කිව්වේ සියලූදෙනාටම එකම අයිතියක් මත එක හා සමානව සැලකිය යුතු බවයි. රජවරුන්, රැජිනන්, කුමර කුමාරියන් ගැනඑතුමා කතා කළේ නැහැ. නමුත් සෞදිඅරාබියේ කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් කි‍්‍රයාවලියක්.


ලංකාවේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන අන්වර් මනතුංගත් ලිපි ගණනාවක්ම පළ කළා මේ සිද්ධියට අදාළව. ඒ එක් ලිපියක තිබුනේ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ නමින් බ්ලොග් එකක් ළඟදි පටන් ගත්ත, සමහර බ්ලොග් වලට කොමෙන්ට් දමමින් කටයුතු කරන (සහ සමහර වෙලාවට ඇණයක් වෙලා තියෙන) පුද්ගලයා විසින් විකිපීඩියාවෙන් අරගෙන සිංහලට පරිවර්තනය කරපු ලිපියක්.



ඇත්තටම මේ ප්‍රශ්නය ඉස්ලාම් ධර්මය නිසා හෝ කුරානය නිසා හෝ ඇති වූ ප්‍රශ්නයක් නොවන බවයි මට නම් පෙනෙන්නේ. මේ ප්‍රශ්නය ඇති වී තිබෙන්නේ සවුදි අරාබියානු ජනතාවයේ ගෝත්‍රික භාවය, බුද්ධිය පහළ මට්ටමක පැවතීම, ප්‍රමාණවත් තරම්, අනිත් බාහිර සමාජයට ගැලපෙන තරමට ශීලාචාර නොවීම යන හේතු කාරණා මත බවයි පැහැදිළි වෙන්නෙ.

ලාංකීය මුස්ලිම් ප්‍රජාව

අන්වර් මනතුංග පමණක් නොව ලංකාවේ මුස්ලිම් ප්‍රජාවගෙන් සැළකිය යුතු සංඛ්‍යාවක් මේ සිද්ධිය සම්බන්ධයෙන් අවදි වී තිබිනි. එයට එක් හේතුවක් විය හැත්කේ සවුදි අරාබියාව ඇතුළු මැද පෙරදිග වෙත ලංකාවෙන් ගිය ගෘහ සේවිකාවන්ගෙන් සැළකිය යුතු ප්‍රතිශ‍තයක් මුස්ලිම් අය වීම විය හැකියි. තවත් හේතුවක් නම්, මේ සිද්ධිය දඩමීමා කරගෙන ගෙදර මුව හමට තැලීමට අපේ “බුකියේ බවුද්ද කණ්ඩායම” පියවර ගැනීමයි. ඔවුන්ගේ කුනුහරුප මෙතනින් බලාගන්න.



මානව වර්ගයා ම්ලේච්ඡත්වයේ සිට සිවිල් සමාජය කරා පා තබන්නේ ගෝත්‍රික කණ්ඩායම් හරහාය. ඉන් අනතුරුව බිහිවුනු වැඩවසම්වාදී රාජාණ්ඩු පසුකර ධනවාදී සමාජයක් කරා පැමිණීමත් සමගම ප්‍රජාතන්ත්‍රවාදය වැනි යහපත් වත් පිළිවෙත් මානවයාගේ සුගතියට මග කැපීය. මෙසේ ගමන් කරන මානව සමාජය අනාගතයේ දිනක කොමියුනිස්ට් සමාජයක් කරා යාමට නියමිත බවත්, එහෙත් ධනවාදයේ අතුරු ඵල වශයෙන් සැප සම්පත් ගොඩගසාගන්නා ධනේශ්වරය එම ගමන කල් දැමීමට විවිධ උපාමාරු යොදන බවත් කොමියුනිස්ට්වාදීන් විසින් පැහැදිළි කරනු ලබද්දී ධනවාදයට පිළිතුරක් ලෙස නැවතත් රාජාණ්ඩු හෝ ග්‍රෝත්‍රික සමාජයක් කරා ගමන් කිරීමට සටන් වදින අධමයන් සම්බන්ධයෙන් මගේ සිතේ ඇති වන්නේ දැඩි පිළිකුලකි.