2012-06-29

එළ කිරි වලත් කැකිරි තියනවද?

කවුරුවත් අමනාප වෙන්න එපා මේ වගේ කොටම කොට පෝස්ට් එකක් දාලා කාලෙ කෑවය කියල. අද මේක ලියන්න හිතුවෙ කාරණා දෙකකටයි.

එක කාරණාවක් තමයි, එළකිරි කාරයාගේ කැකිරි වැඩක් දකින්න ලැබීම අහම්බෙන් වගේ.
බ්ලොග් සඟරාව කියන මේ බ්ලොග් එකේ සමහර වෙලාවට ඊ මේල් වලින් ආපු තොරතුරු එහෙම ගෙඩිය පිටින්ම හෝ පරිවර්තනය කරලා එහෙමත් නැත්නම් සංස්කරණය කරලා  දාපු අවස්ථා තියනවා කීපයක්. හැබැයි ඒ හැම වෙලාවකම මොබයිල්මෑන් නොවරදවාම සඳහන් කරනවා ඒ ලියන එකේ මූලාශ්‍රය ගැන.

අද හදිසියේ නෙට් එක බ්‍රවුස් කරද්දි තමයි දැක්කෙ එළකිරි කාරයාගේ ගොම සීන් එක.
මෙන්න ලින්ක් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1452839

බ්ලොග් සඟරාවේ මේ ලිපිය පළ වුනේ මාර්තු 8වැනිදායි. එළකිරි ඩොට් කොම් එකේ සීනියර් මෙම්බර් කෙනෙක් කියන Prashan3000 ඒ ලිපිය කොපි කරලා පොස්ට් කරල තියෙන්නෙ ජූනි 28 වෙනිදා ඒ කියන්නෙ අද, උදේ 10.46ට.

කැතයිනෙ වැඩේ.

දෙවැනි කාරණාව මේකයි.
බ්ලොග් සඟරාවේ පළවුනා මොබයිල් ෆෝන් වල ඉන්නවය කියපු මයිට් නැමැති සතෙක් ගැන සුවර්ණවාහිනියේ ප්‍රචාරය වුනු කතාවක් ගැන ලිපියක්. මේ කාරණාව ගැන තවත් බ්ලොග් සටහන් වගේම මුද්‍රිත මාධ්‍ය වලිනුත් විවේචන පළ වුනා. ඒත් සුවර්ණවාහිනිය මේ මෑතකදි නැවතත් තමන් කළින් කියපු කාරණය ඔප්පු කරන්න උත්සාහ කරනව ඇහුනා.

ඔය අස්සෙ මෙන්න මේ නිවුස් එක මට හම්බ වුනේ කඩේකින් බඩු ඔතාගෙන ආපු පත්තර කෑල්ලක තිබිලායි.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා කියන හැටියට ජංගම දුරකථන පවිත්‍රව තියාගෙන ඉන්නවනම් මයිට්ලා බෝවෙන්න ඉඩක් නැහැලු. ඒ කතාවනං ඇත්ත. කවුරුත් කිව්වෙ අදාළ ජංගම දුරකථන හිමියා ඒ දුරකථනය අපිරිසිදු ලෙස තියාගන හිටිය බව තමයි. ඒත් ඊට පස්සෙ කියන කතාව බලන්නකො. (මේ පින්තූරෙ ක්ලික් කරල ලොකු කරගන්න පුළුවන්) 
“ජංගම දුරකතනවල කෘමීන් සිටීම සම්බන්ධයෙන් සියලුම ජංගම දුරකථන සේවා සපයන්නන් සමග සාකච්ඡා පවත්වන බවත් විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් .......“
හත්තිලව්වේ ජංගම දුරකථන සේවා සපයන්නන් කොහොමද මයිට්ල බෝ වෙන එක නවත්තන්නෙ, සොෆ්ට්වෙයාර් එකකින්වත්ද?



2012-06-27

සත්‍ය කතාවක්


ගමකට නෙවෙයි ගම් දෙක තුනකට විතර වැඩ මේ දවස්වල. පෝස්ට් එකක් ලියන්න හිතුනම ඔළුවට එන ඒවා ඔක්කොම ටික ලියන්න පටන්ගන්නකොට අමතක වෙලා ගිහින්. ඉතින් මට හිතුනා ඊ මේල් එකකින් ආපු ඉංග්‍රිසි කතන්දරයක් පොඩ්ඩක් විතර එහෙ මෙහෙ කරල දාන්න. එහෙ මෙහෙ කරන්නෙ වෙන දේකට නෙවෙයි සිංහලෙන් කියවද්දි ඇඟට වදින්න ඕනැ නිසා.
මේ ලිපිය ආවෙ සත්‍ය කතාවක් හෙවත් අ ට්රූ ස්ටොරි කියලයි. ලිපියෙ අන්තිමට තිබුන මැල්කම් ෆෝබීස් විසින් ලියපු කතාවක් බව. කතාවෙ ඇත්ත නැත්ත මං දන්නෙ නෑ. ඒ වුනත් කියවන්න වටිනව කියල හිතුන නිසා මේ ලියන්නෙ.
එක්තරා මහළු කාන්තාවක් සහ ඔහුගේ ස්වාමි පුරුෂයා බොස්ටන් නගරයේදී දුම්රියෙන් බැහැලා හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ප්‍රධානියාගේ කාර්යාලයට හෙමින් පියමැන්නා. මේ දෙන්නාගෙම බොහොම දිළිඳු ආකාරයට තමයි ඇඳුම් පැළඳුම් තිබුනෙ. ඒ විතරක් නෙවෙයි, ඔවුන් ප්‍රධානියා හමු වෙන්නට වේලාවක් වෙන් කරගෙන තිබුනෙත් නෑ. ඒ කිව්වෙ, විතවුට් ඇපොයින්ට්මන්ට්. ඉතින් එහෙම ගිහින් ඔය සිරා පොරවල් හම්බවෙන එක ෂුවර් නැති වැඩක්. ඒකට එක හේතුවක් තමයි, සිරා පොරවල් ඇත්තටම බිසි, ඒ කිව්වෙ කාර්ය බහුල පුද්ගලයන් වීම. අනෙක් කාරණාව තමයි එයාල අකමැතිනම් අමුත්තන් හමුවෙන්න, ඒකට එක්ස්කියුස් එකක් හෙවත් නිදහසට කරුණක් හැටියට මේ “විතවුට් ඇපොයින්ට්මන්ට්“ කියන තත්වය ඉදිරිපත් කරනවා.
මේ වගේ තැන්වලදි ඉතින් ඉස්සෙල්ල හම්බවෙන්න පුළුවන් සිරා පොරගෙ ලේකම්තුමිය තමයි. මේ කොහෙන්ද ආපු ගොඩයටයි උගෙ ගෑණිටයි මේ වගේ තැනක අහවල් රාජකාරියක්ද කියල ලේකම්නෝන කල්පනා කළත් ඒක එහෙමම කිව්වෙ නැහැ. තමන්ට ප්‍රධානියා හම්බවෙන්න අවශ්‍ය බව මහල්ලා කිව්වත් ලේකම් නෝනා මිමිනුවා ලොක්කා දවසම කාර්ය බහුල බව. මහළු කාන්තාව කිව්වෙ “අපි බලාන ඉන්නම්“ කියල.
ලේකම් නෝනා පැය ගණනාවක් මේ නාකි ජෝඩුව අමතක වුනා වගේ හිටියෙ “උන්ට ඉඳල එපා වෙලා යන්න යයි“ කියන බලාපොරොත්තුවෙන්. ඒත් එයාල ගියෙ නැති නිසා නෝනා තරමක් කණස්සල්ලට පත් වෙලා අවසානයේ තීරණය කළා ප්‍රධානියාට ඩිස්ටර්බ් කරල බලන්න. එයා ගිහින් ලොක්කට විස්තරේ කියල වැඩි දුරටත් මෙහෙම කිව්වා. “ඔබතුමා විනාඩියක් කතා කළානං ඔවුන් යන්න යාවි.“
ලොක්ක කේන්තියෙන් ගුගුරමින් දැඟලුවා, තමන් වගේ වැදගත් කෙනකුට මේ වගේ මිනිස්සු එක්ක ගත කරන්න කාලයක් තියෙනවද කියමින්. ඒත් එයා කැමති වුනේ නෑ අර ජරා ඇඳුම් ඇඳගත්ත අය තමන්ගෙ කාර්යාලය කිළුටු කරනවට. රළු පෙනුමක් මුහුණට ආරූඪ කරගත්ත ලොක්කා වයසක ජෝඩුව ඉන්න තැනට පියවර මැන්නා.
කතාව පටන් ගත්තෙ මහලු කාන්තාව. “අපේ පුතා හාවර්ඩ් විශ්ව විද්‍යාලයට අවුරුද්දක් ආවා. එයා හාවර්ඩ් එකට ගොඩක් ආදරය කළා. ඔහු මෙහේ සතුටෙන් හිටියෙ. ඒත් අවුරුද්දකට විතර කළින් ඔහුව හදිසියේ මරල දාල තිබුන. ඉතින් මමත් මගේ ස්වාමි පුරුෂයාත් කැමතියි මේ භූමියේ කොතන හරි එයා වෙනුවෙන් සිහිවටනයක් ගොඩනංවන්න“
ප්‍රධානියාට මේ කියපු දේ හරියට ‘වැදුනෙ‘ නෑ. එයා තිගැස්සුනා. “මැඩම්, මේ හාවර්ඩ් එකට ඇවිදින් තියන දැනට මැරිල ගිහින් ඉන්න හැම කෙනා වෙනුවෙන්ම ප්‍රතිමා හදන්න අපට බැහැ, මේක සුසාන භූමියක් වගේ පේන්න පටන් ගනීවි එහෙම කළොත්“
“අපෝ නැහැ“ මැහැල්ල පැහැදිළි කරන්න පටන් ගත්තා. “අපට ප්‍රතිමාවක් හදන්න ඕනැකමක් නැහැ, අපි කල්පනා කළේ හාවර්ඩ් එකට ගොඩනැගිල්ලක් හදල දෙන්න පුතාගෙ නමින්“
ප්‍රධානියා ඇස් දෙක කැරකෙව්වා. මහළු ජෝඩුව ඇඳගෙන හිටපු ඇඳුම් ආයෙත් පාරක් හොඳට නිරීක්ෂණය කළා. ඊට පස්සෙ කෑ ගැහුවා. “ ගොඩනැගිල්ලක්! ඒකට කොච්චර වියදමක් යනවද කියල නිකමටවත් හිතුවද? අපට ඩොලර් මිලියන් හත හමාරකට වඩා වටින ගොඩනැගිලි තියනව මෙතන විතරක්.“
කාන්තාව මොහොතකට නිහඬ වුනා. ප්‍රධානියා සතුටු වුනේ “හරි, දැන් මුන් යයි යන්න“ කියල හිතලා. මැහැල්ල සිය ස්වාමියා දෙස බලාගෙන හිමින් කෙඳිරුවා, “විශ්ව විද්‍යාලයක් පටන් ගන්න එච්චරද එතකොට වියදම් වෙන්නෙ? අපි ඇයි විශ්ව විද්‍යාලයක් පටන් ගන්නෙ නැත්තෙ එහෙනම්?“
මහල්ලා හිස කැසුවා.
ප්‍රධානියා අන්දුන් කුන්දුන් වුනා. මුහුණ ඇකිලුනා.
මහළු කාන්තාවත් ඇයගේ ස්වාමියා වූ ලෙලැන්ඩ් ස්ටැනෆෝඩ් මහතාත් පිටත් වුනා, කැලිපෝර්නියාවේ පාලෝ ඇල්ටෝ නගරය බලා යාමට. ස්ටැන්ෆෝඩ් විශ්ව විද්‍යාලය පාලෝ ඇල්ටෝ නගරයේ ආරම්භ වුනේ එහෙමයි.

2012-06-14

වැඩියෙන්ම ජනප්‍රිය වුනේ චූ කිරීමයි


සියලුම සත්වයෝ චූ කරති. එහෙම කිව්වට ජීව විද්‍යාව ඉගෙන ගත්තු අය මේ කතාවට එකඟ වෙන එකක් නැහැ සමහර විට. කුරුල්ලො චූ කරනවද? මට මේ ප්‍රශ්නය ආවෙ, මාර ගහක් යට ඉන්න වෙලාවෙ. අපි කාගෙත් අත්දැකීමක් තමයි, විශේෂයෙන්ම මහ පාර අයිනෙ තියන ගස් යට ඉන්න වෙලාවට කපුටෙකුගේ මළ මූත්‍ර ප්‍රහාරයකට ගොදුරු වීමේ අවදානම. මේ කපුටො අපේ ඔළුවට චූ කරනවද නැත්තං කක්ක කරනවද?
ගොඩක් වෙලාවට අපිට කළුපාට මැදක් සහිත සුදුපාට පැල්ලමක් තමයි දකින්න ලැබෙන්නෙ. මේ පැල්ලම දැකපුවහම පේන්නෙ සියළුම කුරුල්ලන්ට පාචනය හැදිල තියනව වගේ. උන් කක්ක කරනකොට චූත් යනව ඇති කියල මට හිතුන. හොයල බලපුවාම මං හිතපු හැටි හරි. කුරුල්ලන්ට අනිත් සාමාන්‍ය සත්තුන්ට වගේ චූ කරන තැනක් සහ කක්ක කරන තැනක් වෙන වෙනම නැතිලු. උන්ට මූත්‍රාශයකුත් නැහැයි කියලයි කියන්නෙ. පියාසර කිරීම සඳහා අවම බරක් සහිත ශරීරයක් තමයි දෙවියන් වහන්සෙ උන්ට නිර්මාණය කරල දීල තියෙන්නෙ.
මේ අතුරු කතාවක් ඇදුනෙ “ඇයි චූ කිරීම මෙතරම් ජනප්‍රිය මාතෘකාවක් වෙලා තියෙන්නෙ“ කියන එක ගැන හිතුනහමයි. එහෙම හිතුනෙත් නිකම් නෙවෙයි. මං බැලුවා මගේ බ්ලොග් එකේ ස්ටැටිස්ටික්ස් කොහොමද කියල නිකමට වගේ. පෝස්ට එකෙන් පෝස්ට් එකට වෙන වෙනම හම්බ වෙලා තියන හිට්ස් බලපුවාම උඩින්ම තියෙන්නෙ මං ලියාපු චූ පෝස්ට් එකක්.



බලන්න මේ චාර්ට් එක. මේක බ්ලොගර් එකෙන් උපුටාගත්තෙ.
චූ කිරීම ගැන කතා කරන එක, මානසික උත්තේජනයක් ඇති කරන දෙයක්ද? එහෙම නැත්නං වෙන මොකක් හරි උත්තේජනයක් ඇති කරවන මාතෘකාවක්ද? මේ කාරණාව මට එච්චර පැහැදිළි නෑ. හැබැයි මොන හේතුවක් හෝ අහේතුවක් නිසා මේ චූ කරන උපකරණ කට්ටලේ සහ අපි ආස කරන තවත් කට්ටලයක් අතර ලොකු සම්බන්ධයක් තියනව ශාරීරික පිහිටීමෙදි. ඇයි මේ අවයව දෙක එකක් අස්සෙ එකක් හිටින විදිහට මැව්වෙ කියල දන්නෙ මවාපු දෙවියොම විතරයි මං හිතන්නෙ.
කොහොම වුනත්,
අපේ ශරීරය අභ්‍යන්තරව පිරිසිදු වීමේදී පිට කරන අපද්‍රව්‍ය ඉවතට යැවීම
අපේ ශරීරයේ උෂ්ණත්වය පවත්වාගැනීමට උපකාර වීම
අපට හැදෙන සමහර ලෙඩරෝග වලට හේතු හොයාගන්න පරීක්ෂණවලට උපකාර වීම
ආදී මෙකී නොකී පල ප්‍ර යෝජන රාශියක්ම තියන “චූ“ ජනප්‍රිය නොවී තිබුනොත් ඒකත් අසාධාරණයිනෙ.