2012-05-29

අවවාදයයි. මොබයිල් මයිට්ලාගෙන් ප්‍රවේශම් වන්න

සු-වර්ණවාහිනිය රටට ඇහෙන්න අටට කිව්වේ මාරම මාර නිවුස් එකකි. ඒ නිවුස් එකට අනුව මෙසේ සිදු වී ඇත.
අපේ එම් ආර් අයි එකේ කට්ටිය මාරම මාර වැඩක් කර ඇත.
එතන වැඩ කරන මහත්තැන් කෙනකුගේ ජංගම දුරකතනයේ තිරය මත නලියන වස්තුවක් දකින්නට ලැබුනු නිසා, ඒක ගණන් නොගෙන ඉන්නෙ නැතුව (එම් ආර් අයි එක තුළදී ඕනෑ තරම් සොයාගැනීමට ඇති) චීනක්කණ්ණාඩියක් ආධාරයෙන් තිරය ලොකු කර බලා තිබේ. එසේ බැලූ විට ඒ නලියන්නේ මයිට් නමැති කෘමියකු බව අඳුනාගැනීමට එම් ආර් අයි මහත්තැන්ලා සමත් වී ඇත. තවද, ටෙලිපෝනය මත මේ මයිට්ලා ජනපදයක් හදාගෙන සිටි බවත්, මෙවැන්නක් සොයාගැනුණේ ලෝකයේ පළමු වතාවට බවත් සු-වර්ණවාහිනිය වැඩිදුරටත් පැහැදිළි කළේය.
මෙය ඉතා භයානක තත්වයක් වන්නේ එම මයිට්ලා කණ තුලට රිංගා අපට විවිධාකාර පීඩාවන් ගෙන දීමට ඉඩ තිබෙන නිසා බවද අපට කියා දෙන ලද්දේ සු-වර්ණවාහිනියෙන්මය.
මේ නිවුස් එක අහපු වෙලාවේ සිට මගේ කණ ඇතුලෙන් කසනවා වගේ දැනෙන්නට පටන් ගත් අතර මම තවමත් එය කැසීමක්ද නැත්නම් වෙනත් යමක්ද කියා කල්පනා කරමින් සිටිමි.
මේ ටෙලිෆෝන් එකේ වර්ගය මොකක්ද කියල කිව්වනං අපිට ඒ වර්ගයේ ටෙලිෆෝන් පාවිච්චි නොකර ඉන්නටත්, දැනට අපි ළඟ ඒ ජාතියේ ඒවා තියනවනං එම් ආර් අයි එකට ගෙන ගොස් චීනක්කණ්ණාඩි වලින් බලවාගැනීමටත් තිබිනි. එහි සිටින සතුන් හඳුනාගැනීමට අපට නොහැකි නිසා, වෙනත් තැන්වල ඇති චීනක්කණ්ණාඩියකින් පරීක්ෂා කර බැලුවා කියා වැඩක් වන්නේ නැත.
තවද, මා දැන් ජංගම දුරකථනය පාවිච්චි කරන්නේ (කෝකටත් කියා) කණට අඟල් දෙකක් පමණ ඈතින් තබාගෙනය. එහෙත් මයිට්ලාට පියඹායාමට හෝ දුර පැනීමට හැකියාව තිබෙනවාද කියා එම් ආර් අයි මහත්තැන්ලාගෙන් කෝල් එකක් දී (ලෑන්ඩ් ෆෝන් භාවිතා කර) ඇසීමට සිතා සිටිමි.
ප.ලි. මේ නිවුස් එක අහගෙන හිටපු පොඩි එකා කිව්වේ ඒ ටෙලිෆෝන් එක සාක්කුවේ දාගෙන හිටපු අංකල් නිදාගෙන සිටි තැන බල්ලෙක් හරි පූසෙක් හරි නිදාගෙන ඉන්නට ඇතැයි කියලාය. පොඩි එකාට මේ සොයාගැනීමේ බරපතලකම නොතේරෙන නිසා මෙවැනි පලක් නැති දේවල් කියනවායැයි මම සිතමි.

7 comments:

  1. එහෙම එකක්නම් මංතුමාත් ඇහුවා... අලේ මල්දල්ලෑ... කෝල් ගන්න එකත් පණ යන වැඩක් වේගනයි එන්නේ...

    ReplyDelete
  2. ඔය දාන්න එකක් නැති වෙලාවක සෝමා ඇන්ටිගෙ අහවල් එක ඇතුලෙ ඉඳලා අහුවෙච්ච එකෙක් නෙ !

    ReplyDelete
  3. අනේ මන්දා මචන්ලා මමත් නිව්ස් එක නම් දැක්කා.ඒත් ඒක ගැන වැඩිදුර හිතුවේ නෑ. ජය...!

    ප/ලි ඇනෝ හුගක් දේවල් දන්නවා වගේ නේද.තුහ්.. ඇනෝ උබ.!

    ReplyDelete
  4. පිස්සු යක්කු! ඔය මයිට්ලා මිලියන බිලියන ගනනින් ඉන්නවා අපේ හමේයි ඇඳූම් වලයි!

    ReplyDelete
    Replies
    1. මලකඩ වාහිනියේ අය ඊයේ දැනන් තියෙන්නේ !!! :P

      Delete
  5. මේ ප්‍රශ්නේ ආව දවසේ ඉඳලා මිනිස්සු බ්ලූ ටූත් එහෙමත් නැත්නම් ඉයර් ෆෝන් පාවිච්චි කරනවා. මම පහුගිය දවසක මිතුරෙකුට කිව්වා මේ මයිටාවො අපි කතාකරන ඒවත් ටැප් කරනවද කියලි හොයලා බලපං කියලා

    ReplyDelete
  6. ඔය කට්ටියම තමයි ටික කාලෙකට කලින් හෙඩ්සෙට් වලින් කන් බිරි වෙන ඩෙසිබල් ගාණක් හොයා ගත්තා කියල උඩ පැන්නේ , හැබැයි ඊට ගොඩ කාලෙකට කලින් ප්‍රමුඛ පෙලේ සමාගම් අදාල නිර්නායක වලට අනුව තමයි ඒවා හැදුවේ

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.