2012-02-10

උත්තරාලෝකය Aurora

aurora උත්තරා‍ලෝකය
චමත්කාරජනක වූ උත්තරාලෝකය පිළිබඳ යූ ටියුබයේ තිබුනු වීඩියෝ ක්ලිප් එකක් අහම්බෙන් දැකල මේ ලිපිය ලියන්න හිතුනා.
මේ ලිපිය ලියන්නට අපට කවදත් හිතවත් විකිපීඩියාව උදව් වුනු බව මං නොකිව්වත් කියවද්දිම තේරෙනව ඇති.
http://encyclopedia.thefreedictionary.com/Aurora+(astronomy)
http://en.wikipedia.org/wiki/Aurora_(astronomy)






වීඩියෝ කෑල්ල බැලුවනං පල්ලෙහායින් තියෙන පින්තූර ටිකත් බලන්නකො.


http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/aa/Polarlicht_2.jpg/120px-Polarlicht_2.jpg


http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/34/Northern_light_01.jpg/120px-Northern_light_01.jpg




උත්තරාලෝකය සහ දක්ෂිණාලෝකය දර්ශනය වෙන්නේ ඒ නම් වලින් ම පැහැදිළි වෙන හැටියට උත්තරධ්‍රැවය සහ දක්ෂිණධ්‍රැවය ආසන්නයේදීයි. ඒත් දක්ෂිණ ධ්‍රැවය තරමක් හුදකලා වී ඇති ස්ථානයක් නිසා (ඒ ආසන්න‍යේ පිහිටා ඇත්තේ මහ සාගරයයි. ජනාවාස වූ ගොඩබිමක් නැහැ. තරමක හෝ ආසන්නතාවක් ඇති දකුණු අප්‍රිකාව, නවසීලන්තය හා ඕස්ට්‍රේලියාවට ඈත ක්ෂිතිජය දෙසින් මෙය දැකගන්නට පුළුවන් බව සඳහන් වනවා) වඩාත් කතාබහට ලක් වෙන්නේ උතුරුදිග ජනාවාස භූමි ප්‍රදේශ වලදී දක්නට ලැබෙන උත්තරාලෝකයයි. ඉංගිරිසියෙන් අවුරෝරා කියන වචනය උත්තරාලෝකය සඳහා මෙන්ම දක්ෂිණාලෝකය සඳහාත් භාවිතා වෙනවා.
මෙයට අමතරව අවුරෝරා නමැති නෞකාවක් ඉතිහාසයට එක් වෙලා තියෙනවා. ඒ තමයි ශ්‍රේෂ්ට ඔක්තෝබර් විප්ලවයේ ආරම්භය සනිටුහන් කිරීම. කතාව වෙනත් අතකට යන නිසා මේ ගැන මෙම ලිපියේදී කතා කරන්න බැහැ.

මේ නෙත් වශීකරවන දර්ශනය ඇති වන්නේ ධ්‍රැවාසන්න වායුගෝලයේදී ශක්තිය ගැබ් වුනු ආරෝපිත අංශූන් සහ පරමාණු අතර ගැටීම නිසා කියලයි විකිපීඩියාව සඳහන් කරන්නෙ.

පෘථිවියේ ඉහළ වායුගෝලයේදී නිකුත් වන පෝටෝන නිසා මේ චමත්කාරජනක වූ දර්ශනයන් විද්‍යමාන වන බවයි කියැවෙන්නේ.

මේ පින්තූරයේ දැක්වෙන ආකාරයේ දර්ශනයක් ඔබ දැක තිබෙනවාද?
සමහර විට දැනට සිංහල ජනපදයක් බවට පත්වෙමින් ඇති ඕස්ට්‍රේලියාවෙ පදිංචි වෙලා ඉන්න අයට දකින්න පුළුවන් වෙන්නත් ඇති. (මේ ලිපිය කියවන්නෙ සිංහල අය කියල උපකල්පනය කරලයි ලිව්වෙ. වෙනත් ජාතීන්ට අයිති අයටත් සත්තුන්ටත් මේව පෙනේවි.)



උත්තරාලෝකය සහ දක්ෂිණාලෝකය දර්ශනය වෙන්නේ ඒ නම් වලින් ම පැහැදිළි වෙන හැටියට උත්තරධ්‍රැවය සහ දක්ෂිණධ්‍රැවය ආසන්නයේදීයි. ඒත් දක්ෂිණ ධ්‍රැවය තරමක් හුදකලා වී ඇති ස්ථානයක් නිසා (ඒ ආසන්න‍යේ පිහිටා ඇත්තේ මහ සාගරයයි. ජනාවාස වූ ගොඩබිමක් නැහැ. තරමක හෝ ආසන්නතාවක් ඇති දකුණු අප්‍රිකාව, නවසීලන්තය හා ඕස්ට්‍රේලියාවට ඈත ක්ෂිතිජය දෙසින් මෙය දැකගන්නට පුළුවන් බව සඳහන් වනවා) වඩාත් කතාබහට ලක් වෙන්නේ උතුරුදිග ජනාවාස භූමි ප්‍රදේශ වලදී දක්නට ලැබෙන උත්තරාලෝකයයි. ඉංගිරිසියෙන් අවුරෝරා කියන වචනය උත්තරාලෝකය සඳහා මෙන්ම දක්ෂිණාලෝකය සඳහාත් භාවිතා වෙනවා.

මෙයට අමතරව අවුරෝරා නමැති නෞකාවක් ඉතිහාසයට එක් වෙලා තියෙනවා. ඒ තමයි ශ්‍රේෂ්ට ඔක්තෝබර් විප්ලවයේ ආරම්භය සනිටුහන් කිරීම. කතාව වෙනත් අතකට යන නිසා මේ ගැන මෙම ලිපියේදී කතා කරන්න බැහැ.

මේ නෙත් වශීකරවන දර්ශනය ඇති වන්නේ ධ්‍රැවාසන්න වායුගෝලයේදී ශක්තිය ගැබ් වුනු ආරෝපිත අංශූන් සහ පරමාණු අතර ගැටීම නිසා කියලයි විකිපීඩියාව සඳහන් කරන්නෙ. චුම්බක ගෝලය සහ සූර්ය සුළං තුළින් උත්පාදනය වන ආරෝපිත අංශු පෘථිවිය මතුපිටට එත්ම භූ චුම්බක ක්‍ෂේත්‍රය මගින් වායුගෝලයට දිශානත කරවනු ලබනවා.


පෘථිවියේ ඉහළ වායුගෝලයේ (කිලෝමීටර් 80කට වඩා ඉහළ) ඇති අයනීකරණය වූ නයිටුජන් මගින් ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරගැනීමේදී  ‍ෆෝටෝන නිකුත් වීමේ ප්‍රතිපලයක් ලෙසට මෙම උත්තරාලෝකය හා දක්ෂිණාලෝකය ජනනය වන බවට මතයක් පවතිනවා.
එකිනෙක හා බොඳ වෙමින් මිශ්‍ර වී ගිය වර්ණ සහිත වූත් තියුණු ලෙස වෙන් වූ වර්ණ සහිත වූත් අවුරෝරාවන් දක්නට ලැබෙනවා. මේවා වැඩි වශයෙන්ම පහළ වන්නේ දේශාංශ 3 සහ 6 අතර වූ සියළු අක්‍ෂාංශ වලදීයි. ඒත් අවුරෝරා කළාපය ලෙස සැළකෙන්නේ පෘථිවියේ චුම්බක අක්ෂය මගින් සළකුනු කරනු ලබන චුම්බක ධ්‍රැව වල සිට අංශක 10 සිට 20 දක්වා වූ කොටසයි. භූ චුම්බක කුණාටුවකදී අවුරෝරා කළාපය පහළ අක්‍ෂාංශ කරා පැතිරෙනවා.

තොරතුරු මෙතැනින් බලන්න

No comments:

Post a Comment

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.