2011-10-26

ආකල්පය නොහොත් ඇටිටියුඩ් එක

ආකල්ප කියන එක දැන් බොහොම ජනප්‍රිය මාතෘකාවක් වෙලා.
  • අපේ රට සංවර්ධනය කරන්න, දියුණු කරන්න අමාරු වෙන්නෙත්,
  • අපේ රාජ්‍ය සේවයේ දියුණුවක් ඇති කරගන්න අමාරු වෙලා තියෙන්නෙත්,
මේ ආදී නොයෙකුත් රෝගාබාධ වලට හේතුව අපේ මිනිස්සුන්ගෙ ආකල්ප හොඳ නැති වීම කියන එකයි අහන්න ලැබෙන්නෙ. ඉතිං ඒ නිසා, රාජ්‍ය සේවකයන්ගෙ ආකල්ප යහපත් කරවන්න නොයෙකුත් වැඩසටහන්, වැඩ මුළු, පවත්වනවා.
මෑතකදී අතින් අතට ගියා එක්තරා ඊ මේල් එකක්. ඒකෙ කියල තියෙන්නෙත් රටක් දුප්පත් ද නැතිනම් පෝසත්ද කියල තීරණය වෙන්නෙ ඒ රටේ විශාලත්වය, ඉතිහාසය කොපමණ ඈතට දිවෙනවාද කියන එක, ජනගහණය, සම්පත් ඇති නැති බව උඩ නොවෙයි කියන එකයි. එහි ජනතාවගේ ආකල්ප අනුව රටේ දියුනුව රඳා පවතින බව තමයි ඒකෙ කියල තිබුනෙ.
මේක විවාදාත්මක කරුණක්. රටේ ජනතාවගෙ ආකල්ප අනුව රටේ අනාගතය තීන්දු වෙන්නනම් ඒ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙන්න එපායැ. එහෙම රටවල් ලෝකෙ කොහෙද තියෙන්නෙ කියන එක මටනම් ප්‍රශ්නයක්, මේ අපේ රට ඇරුණහම.
මම කියන්න හදන්නෙ ඒක නෙවෙයි.
කොහොමද මේ ආකල්ප කියන දේවල් වෙනස් කරන්නෙ?
ඇයි මේ ආගමික ශාස්තෲවරු ආකල්ප වෙනස් කිරීම ගැන දේශනා කරල නැත්තෙ?
මේ ගැන මගේ මතය, මගේ ආකල්පය මෙහෙමයි.
“ආකල්ප වනාහි අපට ලැබෙන සංවේදනයන් අනුව අප තුල ඇති වන්නාවූ සිතිවිලි වේ.
එය වෙනස් කළ හැක්කේ අපට ලැබෙන සංවේදනයන් වෙනස් කළහොත් පමණකි.
මෙන්න මේ නිසා, එනම් අපට ලැබෙන සංවේදනයන් අපට වෙනස් කරගැනීමට නොහැකි නිසා, ඒවා වෙනස් කළ හැක්කේ වෙනත් බලවේග වලට නිසා, තම තමන්ගේ ආකල්ප වෙනස් කරගන්නට කියා කිසිම ශාස්තෲවරයකු දේශනා නොකළහ.”
මගේ සිතිවිල්ල එසේය.
මී ළඟ කොටස යථා කාලයේදී බලාපොරොත්තු වන්න

No comments:

Post a Comment

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.